Posts

Showing posts with the label ලෝක බැංකුව

ලෝක බැංකුවට පෙනෙන ලංකාවේ සිදු වන සංක්‍රාන්තිය කුමක්ද? | What transition is World Bank anticipating in Sri Lanka?

Image
(2010 මැයි 15 -  W3Lanka )  ඇමෙරිකානු ඩොලර් මිලියන 108 ක ආධාර ද රැගෙන ලෝක බැංකුව නැවත ලංකාවට අලුත් වටයකින් හොට දමා තිබේ. ඒ නිහඬව නොව දශක තුනක කාලයක් පැවැති යුද්ධය සම්පූර්ණයෙන් ම අවසන් කළ ශ්‍රී ලංකාව අද වන විට සංක්‍රාන්ති සමයකට පිවිස ඇතැයි ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්‍ෂිකා නඹකෝ ඉෂී කරන ප්‍රකාශයකුත් සමගයි. ඒ මොන සංක්‍රාන්තියක්දැයි සෙවිල්ලෙන් සිටීම ලාංකිකයන්ගේ ඇඟට ගුණ බව අපි දැනුම් දෙමු.  ලෝක බැංකුවේ ණය නිකුත් කිරීමේ අංශය වන අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් මේ ණය ආධාරය ලබා දී ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනය, උසස් අධ්‍යාපනය හා සංචාරක අංශයේ සංවර්ධනය වෙනුවෙන් බව දිනමිණ පවසයි. මේ ආධාර මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ප්‍රමාණයක් උතුරු හා නැඟෙනහිර පළාත් හි ප්‍රාදේශීය සේවා කටයුතු සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනේ. ඊට අමතරව සංචාරක අංශයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන්කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 18 කි. ලංකාව ලෝක බැංකුවත් සමග සමීප ම සම්බන්ධයක් පැවැත්වූ යුගයක් වන්නේ 2001 - 2004 රනිල් ...

ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ සියදෙනෙකුගෙන් එක්කෙනයි - ලෝක බැංකුව

Image
(2009 දෙසැම්බර් 07 - W3Lanka ) ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ සෑම පුද්ගලයන් 100කගෙන් ම එක් අයෙකු බව අලුත් ම ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙයි. මෙය වසර 2000දී පැවතියේ 0.2%ක් තරම් පහත් මට්ටමකයි. Information and Communications for Development 2009: Extending Reach and Increasing Impact නම් වූ පසුගිය සිකුරාදා නිකුත් කරන ලද වාර්තාවට අනුව, පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා හා ආර්ථික වර්ධනය අතර සම්බන්ධයක් තිබේ.  පුළුල් පරාස හෙවත් බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාව 10%කින් වර්ධනය වන විට රටේ ආර්ථික වර්ධනය 1.3%කින් ඉහළ යන බව ලෝක බැංකුවේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති විශේෂඥ ටෙන්සින් ඩොල්මා නොර්බු මෙම වාර්තාව නිකුත් කිරීමේ අවස්ථාවේදී පැවසීය. වාර්තාවට අනුව, 2007 වන විට ලංකාවේ පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා ප්‍රමාණය සමස්ත අන්තර්ජාල සම්බන්ධතා සංඛ්‍යාවෙන් 31.3%කි.  ලංකාවේ පරිගණක සාක්ෂරතා ප්‍රතිශතය මේ වන විට 16% ඉක්මවා තිබේ. 2004දී මෙය පැවතියේ 9.7% මට්ටමේ ය.