ලංකාව ලෝක දූෂණ දර්ශකයේ 97වන ස්ථානයේ
(2009 නොවැම්බර් 18 - W3Lanka ) 2009 වසර වෙනුවෙන් පාරදෘෂ්‍යතා ජාත්‍යන්තරය හෙවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත් කර ඇති ලෝක දූෂණ සංජානන වාර්තාව හෙවත් Corruption Perceptions Index අනුව ලංකාව මධ්‍යම මට්ටමේ දූෂිත රටක් ලෙස සැලකේ. ලෝකයේ රටවල් 180ක් අතරින් ලංකාවට 97වන ස්ථානය හිමි වී තිබේ. ලෝකයේ දූෂණය අවම රටවල් 10 වන්නේ පිළිවෙලින් නවසීලන්තය, ඩෙන්මාර්කය, සිංගප්පූරුව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව හා අයිස්ලන්තයයි. සිංගප්පූරුව හැර මේ සියලු රටවල් සමග ලංකාවට යම් යම් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න තිබීම සුවිශේෂ වේ. ලෝකයේ දූෂිත ම රටවල් 10 පිළිවෙලින් සෝමාලියාව, ඇෆ්ගනිස්තානය, බුරුමය, සුඩානය, ඉරාකය, චැඩ්, උස්බෙකිස්තානය, තුර්ක්මෙනිස්තානය, ඉරානය සහ හයිටි වේ. 2005දී ලංකාව මෙම දර්ශකයේ රටවල් 158ක් අතරින් 78වන ස්ථානයේ සිටියේ ය. 2006දී රටවල් 163ක් අතරින් 84වන ස්ථානය ද, 2007දී රටවල් 179ක් අතරින් 94වන ස්ථානය ද, 2008දී රටවල් 180ක් අතරින් 92වන ස්ථානය ද ලබා සිටි ලංකාව දිගින් දිගට ම ගමන් කරමින් සිටින්නේ දර්ශකයේ පිටුපසටයි. ද...