Posts

Showing posts with the label ලෝක ගුරු දිනය

අද ලෝක ගුරු දිනය: ඔබේ දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු වී තිබේ ද?

Image
( 2010 ඔක්තෝබර් 06,  W3Lanka )  අද ලෝක ගුරු දිනයයි. මෙවර ලෝක ගුරු දිනය සඳහා යුනෙස්කෝ සංවිධානයේ තේමාව වන්නේ 'ප්‍රතිසාධනය ඇරඹෙන්නේ ගුරුවරයාගෙනි' යන්නයි. (Recovery begins with teacher) ලංකාවේ නම් පාලකයන් මෙන් ම ජනතාව ද සිතාගෙන සිටින්නේ සියල්ල ආරම්භ වන්නේ රජ පවුලෙන් ය කියා ය. ප්‍රතිසාධනය හෙවත් සමාජ සුවපත් වීම කොහෙන් හෝ ආරම්භ වෙනවා නම් හොඳ ය. ආන්ද්‍රෙයි කොන්චවලොව්ස්කි අධ්‍යක්ෂණය කළ, 1996 රුසියාවේ චෙච්නියා යුද්ධය පසුබිමේ මානසික රෝහලක සිදු වන සිද්ධි දාමයක් පෙළ ගැසෙන House of Fools නම් චිත්‍රපටයේ අවසානයේදී පරාජිත චෙච්නියානු ගරිල්ලා භටයකු තුවක්කුව පැත්තක දමා මානසික රෝගියකු ලෙස පෙනී සිටියි. එ‍හිදී ඔහු මෙන් ම සෙසු මානසික රෝගීන් ද පවසන්නේ ඔහුට අසනීප බැවින් ප්‍රතිකාර අවශ්‍ය බවයි. ලංකාවේ සමාජය බරපතල අන්දමින් රෝගාගුර වී ඇත. එය සුව කිරීමේ කාර්යයේදී ගුරුවරුන්ට සුවිශේෂ වැඩ කොටසක් කළ හැකි ය. එහෙත්, ඒ සඳහා ඔවුහු සූදානම් ද? අපගේ නිරීක්ෂණය වන්නේ කිසි සේත් ම නැති බවයි. දැන් සිටින අධ්‍යාපන ඇමති ද ගුරුවරයෙකි. එහෙත්, ඔහු අධ්‍යාපනය හසුරුවන්නේ ටියුෂන් කඩයක් මෙහෙයවන ආකාරයට යයි කීවොත් වරදක් නැත...