අයි.සී.සී චැම්පියන් කුසලානයේ සමාරම්භක උළෙලේදී ප්‍රචාරය කළ යුතුව තිබුණු ගීය කුමක්ද?
ලෝකයේ කුඩා සංස්කෘතියකට හිමිකම් කියන, සෙසු සංස්කෘතීන් හා මුසු වීම පිළිබඳ යම් බියකින් පසු වන, හුදකලා වීමේ ප්‍රවණතාවක් පෙන්වන ප්‍රජාවක් වන සිංහල ජාතිය අයි.සී.සී චැම්පියන් කුසලානයේ සමාරම්භක උළෙලේදී ලාංකික කොඩිය ගෙන එන වෙලාවේ හින්දි සිංදුවක් වාදනය කිරීම ගැන තදබල විරෝධයක් නැඟීම තේරුම් ගත හැකි කාරණයකි. සුළුතර මානසිකත්වයෙන් පෙළෙන ජාතීන් සාමාන්‍යයෙන් සිය ජාතික සංකේත පිළිබඳ අධි සංවේදී වීම සුලබ ය. වැද්දන්ගේ කෙටේරිය නිදසුනකි. වසර 2000 ආසන්න වකවානුවේදී කොළඹ වාමාංශික පිරිසක් විසින් සංවිධානය කරන ලද එක් වැඩසටහනකදී පෙත්සමක් අත්සන් කිරීම සඳහා යා යුතුව තිබුණේ ඇමරිකන් කොඩිය පාගාගෙන ය. එහෙත්, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ ඒ කාලයේ පිටරට සිටි අපේ ජාතික වීරයන් වැනි කිසිදු ඇමරිකානුවකු ඒ ගැන කුපිත වූයේ නැත. ඔවුන් මේ සංකේත වන්දනා නො කරන්නේ ඔවුන්ට ඉතිහාසයක් නැති නිසා ය කියා අනාගතය ගැන බියෙන් පෙළෙන අපට සතුටු වෙන්නට පුළුවන. ඔවුහු බලවත් වර්තමානයක සිටිමින් ජාතික කොඩිය ජොකාගේ පවා අලවති. සිංහල ජාතිය සිය ජාතික අනන්‍යතාව පිළිබඳ නංවන මේ හඬ විසින් ඔවුන් පිළිබඳ ලෝකයා සතු අවබෝධය පුළුල් වන නිසා අපි ඒ උද්ඝෝෂණ ගැ...