Posts

Showing posts with the label ලේක්හවුස්

‍මහජන මුදලින් නඩත්තු වන ‍දිනමිණ කුඩා දරුවන්ට වස කවන කොම්පැනි ආරක්ෂා කරන හැටි

Image
පහත සඳහන් දිනමිණ පුවත බලන්න. පසුගිය දිනවල මානසික ප්‍රශ්නයක් මත කලබල කිරීම නිසා පළමු වරට සැකපිට අත් අඩංගුවට ගන්නා ලද, රෝහණ විජේවීර‍ගේ වැඩිමහල් දියණියගේ සමස්ත පැටිගිරිය ම එළියට ඇද්ද ජනමාධ්‍ය පොදු වැදගත්කමක් ඇති සිද්ධියකදී අදාළ සැකකරුවන්ගේ අනන්‍යතාව හිතා මතා සඟවන ආකාරය බලන්න. දිනමිණ පළ කරන ලේක්හවුස් සමාගම මහජන මුදලින් යැපෙන පොදු සමාගමකි. එහි වැඩිපුර පළ වන්නේ ද මහජන මුදලින් නඩත්තු වන රජයේ දැන්වීම් ය. එහෙත්, දිනමිණ මහජනතාවට සේවය කරන අන්ද මෙන්න. මියගිය හූනකුගේ කොටස් සහිත ළදරු බිස්කට් ආනයනය කොට අලෙවි කරන ලද ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය වහා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා ඊයේ ( 6) පොලිසියට නියෝග කළේය.ඕමාන් රටේ නිෂ්පාදිත ලාංකීය සමාගමක් මඟින් බෙදාහරින මෙම ළදරු බිස්කට් පැකට්ටුව තුළ මියගිය හූනෙකුගේ ශරීර කොටස් තිබූ බවත් එහි එක් බිස්කට් එකක් අටමස් වියැති සිය දරුවාට කෑමට දීමෙන් පසු දරුවා රෝගී වූ බවට පැමිණිල්ලේ සඳහන් විණි. මෙම පුවතේ අදාළ සමාගමේ නම සඳහන් කිරීම මගහැර තිබෙන ආකාරය බලන්න: කොළඹ 10, විනයාලංකාර මාවතේ පිහිටි පුද්ගලික සමාගමේ අධ්‍යක්...

දිනමිණට සීයයි. වල පයයි -‍ ගොඩ පයයි. ඒ වුණත් මාධ්‍ය භාවිතාව තාම ළදරුයි

Image
(2009 දෙසැම්බර් 17 - W3Lanka ) දැන් රජයට අයත් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පළ කරනු ලබන දිනමිණ පුවත්පතට අද වසර 100ක් පිරෙයි.එහෙත් දිනමිණ පුවත්පතේ මාධ්‍ය භාවිතාව තවමත් ඇත්තේ ඉතා ම ළදරු වයසේ ය.නිදසුනක් ලෙස ලංකාවේ කිසියම් පුද්ගලයකු මාධ්‍ය පරිහරණය ලෙස කරන්නේ දිනමිණ කියවීම පමණක් නම් ඔහු මේ රටේ විරුද්ධ පක්ෂයක් තිබේ යයි දැන නො සිටීමට ඉඩ තිබේ. රනිල් වික්‍රමසිංහ යනු මහ ජරා මිනිහෙකැයි ද මහින්ද රාජපක්ෂ යනු බෝධිසත්ව ගතිගුණ ඇති වෙස‍්සන්තර වැනි රජෙකු යයි ද, ලංකාව නීතියේ පාලනය සහිත, කිසිදු වංචාවක් දූෂණයක් සිදු නො වන උතුරුකුරු දිවයිනකැයි ද සිතීමට ඉඩ තිබේ. දිනමිණ ආරම්භක කර්තෘ සහ හිමිකරු වූ එච්. එස්. පෙරේරා මහතා විසින් දිකම්ණ ආරම්භ කරන විට එහි වටිනාකම වූයේ ශත තුනකි. දැන් දිනම්ණ පුවත්පතේ සත්‍ය වටිනාකම ඊටත් වඩා අඩු ය. දිනම්ණ පුවත්පත ප්‍රධාන වශයෙන් ම මිළ දී ගන්නේ රජයේ කාර්යාල පුස්තකාල ආදිය විසිනි. සාමාන්‍ය ජනතාව මිළ දී ගන්නේ රැකියා ඇබෑර්තු, විභාග අයදුම්පත්, ටෙන්ඩර් දැන්වීම් ආදිය පිළිබඳ කියවීමට හා බත් පාර්සල් එතීමටයි. දිනමිණ පවත්වාගෙන යන්නේ ප්‍රධාන වශයෙන් ම රජයේ ආයතන මහජන මුදලින් දමන දැන්වීම්ව...

මාධ්‍ය පාලනයට බලය පාවිච්චි කරන්න මැතිවරණ කොමසාරිස් සැරසේ

Image
(2009 දෙසැම්බර් 01 - W3Lanka ) 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ තමන් වෙත ලැබී ඇති බලතල පාවිච්චි කරමින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුද්ගලික හා රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතීව ක්‍රියා කරන්නේදැයි දැඩිව සොයා බැලීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද සිල්වා තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විට රජයට අයත්, මහජන දේපල වන ලේක්හවුස්, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය වැනි සංස්ථා හා සමාගම්වල ජනමාධ්‍ය සම්පූර්ණයෙන් ම පාහේ නීතියට හා සදාචාරයට පටහැණි අන්දමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරය සඳහා සහ විරුද්ධ පක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට මඩ ගැසීම සඳහා යොදවා තිබේ. ප්‍රධාන මාධ්‍ය අතරින් සිරස රූපවාහිනිය පමණක් විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පක්ෂපාතී ස්වරූපයකින් කටයුතු කරනමුත් රජයේ මාධ්‍ය තරම් පහත් තත්වයකට වැටී නැත. බොහෝ පෞද්ගලික මාධ්‍ය වෙළඳපොළ පිළිබඳ සැලකිලිමත් වෙමින් මධ්‍යස්ථබවක් පෙන්වීමට උත්සාහ කරයි. රජයේ මාධ්‍යවල දැඩි පක්ෂපාතී ස්වභාවය හේතුවෙන් ඒවා කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම හා ජනප්‍රියත්වය අඩු වීම රාජ්‍ය නායකත්වයේ පවා අවධානයට යොමු වී ඇති...