ලියම් නරියාත් අපට කොකා පෙන්නුවා ද? | Did Liam Fox also sabotaged us?
( 2010 දෙසැම්බර් 18, W3Lanka ) බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස්ගේ ලංකා සංචාරය ද කල් දමා ඇත. මෙම සංචාරය ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඔක්ස්ෆර්ඩ් සංචාරය සේ ම පෞද්ගලික එකකි. ඔහු එන්නට හිටියේ ලක්ෂ්මන් කදිරගාමර් සමරු දේශනය පවත්වන්නට ය. ආරාධනය රජයෙන් නොව ලක්ෂ්මන් කදිරගාමර් සමරු පදනමෙනි. ලියම් ෆොක්ස් ජනාධිපති මහින්ද රාජපක්ෂ අසරණ වූ ලන්ඩන් සංචාරයේදී ද පෞද්ගලිකව පැමිණ ආණ්ඩුවේ ජනමාධ්‍යවේදීන්ගේ වචනවලින් කියනවා නම් ඔහු බැහැ දුටුවේ ය. එහෙත්, මෙවර ඔහුගේ පෞද්ගලික ලංකා සංචාරයට බ්‍රිතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් විරුද්ධ විය. ඔහු ලංකාවට පිමිණි විට විමල් වීරවංශ ඔහුට ආපසු යන්නට නො දෙන ලෙස කියා ගුවන් තොටුපල ධාවන පථය හරහට පැදුරක් එළාගෙන උපවාස කරනු ඇතැයි හේග් හිතන්නට ඇත. එහෙත්, ලංකාවේ මාරාන්තික දේශප්‍රේමීන් සියලු දෙනා ම රටට ආදරය කරන්නේ ජනාධිපතිතුමා කීවොත් පමණක් බව හේග් දන්නේ නැත. බ්‍රිතාන්‍යය මෙන් නො ව ලංකාව පෞද්ගලික සංචාරයකට හෝ පැමිණෙන මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාට නිසි ආරක්ෂාව සපයන බව ආඩම්බරෙන් කීවත්, අන්තිමේ ලියම් නරියා ද සිය ලංකා ගමන දින නියමයක් නැතිව කල් දමා ඇත. ලක්ෂ්මන් කදිරගා...