Posts

Showing posts with the label ලියනගේ අමරකීර්ති

කුරුළු හදවත ගල් හදවතකින් ලියැවුණ බොල් පොතක් ද?

Image
ලියන‍ගේ අමරකීර්ති විසින් ලියන ලද කුරුළු හදවත නවකතාව රන්ජන් අමරරත්න හඳුන්වන්නේ ගල් හදවතකින් ලියැවුණ බොල් පොතක් ලෙසයි. ඔහු අමරකීර්තිගේ නවකතාව නිර්දය විවේචනයකට ලක් කරයි. අමරකීර්ති එය සිය පොතට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනු දුටිමි. එහෙත්, අමරරත්නගේ ප්‍රහාරය මා සිතූ තරම් අවර ගනයේ එකක් වූයේ නැත. ඔහු සරළ ප්‍රශ්න දෙකක් මතු කරයි. (I) එක්තරා කාලයක වූ සිදුවීම් වැලක් එලෙස ම දෙසාබෑම නවකතාවද? (II) සියුම් චරිත නිරූපණයකින් තොරව සාර්ථක නවකතාවක් ගොඩනැඟිය හැකි ද? කුරුළු හදවතේ චරිත නිරූපණය පිළිබඳ අවධානය යොමු කරන කල එහි චරිත සියල්ලේ ම පාහේ කිසියම් භාවාතිශය ලක්ෂණයක් තිබෙන බව මට සිතේ. එ්වා අප හින්දි චිත්‍රපටවල දකින ආකාරයේ චරිත ය. රන්ජන් අමරරත්න මුත්තු අත්තා හැඳින්වීම සඳහා යොදා ගන්නා 'වාණිජ චිත්‍රපටවල එන විකටයා' යන යෙදුම ඔස්සේ මෙම කරුණ පැහැදිලි කර ගත හැකි ය. එහෙත්, මෙම භාවාතිශය ලක්ෂණය අමරකීර්තිගේ නවකතා කලාවේ ලක්ෂණයක් ලෙස හෝ ඔහුගේ ශෛලිය ලෙස සැලකිය හැකි ය. ඔහුගේ චරිත නිරූපණය යම් දුරකට කැමරාවකින් හසු කර ගත් චලන බඳු ය. එයින් අදහස් වන්නේ ඒවා යම් ආකාරයකට මතු පිට සීමාව වි...