(2011 පෙබරවාරි 22, W3Lanka ) කණ කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කල්හි ය. එසේ ම, රාජ්‍ය පාලක ධුරයට මුවා වී සිටින ත්‍රස්තවාදීන්ගේ නියම හැඩරුව පෙනෙන්නේ ද අභියෝගවලට මුහුණ දෙන ආකාරය අනුව ය. ලිබියාවේ තෙල් සැපයුම් පද්ධතිය පුපුරුවා හැරීමට එරට නායක කර්නල් මුවමර් අල් ගඩාෆි ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවට ලොව සුපතල ටයිම් සගරාව වාර්තා කරන බව අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පවුලේ හිරු එෆ්.එම්. රේඩියෝවේ පුවත් මගින් වාර්තා කරන ලදී. රේඩියෝව වැඩි දුරටත් මෙසේ ද පැවසී ය. "ලිබියාවේ ටි‍්‍රපොලි සහ බෙංගාසි යන නගර කේන්ද්‍ර කර ගනිමින් දියත් වන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට එරෙහිවයි ලිබියානු නායකයා මෙය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙන්නේ. මධ්‍යධරණී කලාපය වෙත තෙල් සපයන නළ පද්ධතිය මුලින්ම විනාශයට පත් කළ යුතු බවට ඔහු උපදෙස් ලබාදී තිබෙනවා. මෙලෙස තෙල් සැපයුම් පද්ධතිය විනාශයට පත් කිරීම තමන්ට එරෙහිව විරෝධතා දක්වන කැරලි කණ්ඩායම් වෙත පිළිතුරක් වනු ඇති බවයි ලිබියානු නායක මුවර්මල් අල් ගඩාෆි ප‍්‍රකාශ කර ඇත්තේ. ලිබියානු නායකයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඔහුගේ සමීපත ම නිලධාරියෙකු විසින්...