Posts

Showing posts with the label ලිප්ටන් වටරවුම

අහේතු කාලේන කජ්ජේන පුහුලං

Image
(2009 අගෝස්තු 22 - W3Lanka) ඉස්සර නම් ලිප්ටන් වටරවුම ප්‍රසිද්ධ වී තිබුණේ වාමාංශිකයන්ගේ, ආණ්ඩු විරෝධීන්ගේ, දේශප්‍රේමීන්ගේ හා එන්.ජී.ඕ. ඩොලර් කාක්කන්ගේ විරෝධතා පෙළපාලි පිකටිං රඟ මඬලක් ලෙසයි.  යුද්ධයේ පිහිටෙන් රජය දැන් ඉහත කී සෑම වර්ගයක ම විරෝධතාකරුවන්ට ලිප්ටන් වටරවුමට එන්නට බැරි වාතාවරණයක් හදන්නට සමත් වී තිබේ.  දැන් ලිප්ටන් වටරවුම පාළු ය. ඒ මහජනතාවට ප්‍රශ්න නැති නිසා නොව විරෝධතාකරුවන්ට ඇති ප්‍රශ්න නිසා ය. දැන් විරෝධතාකරුවන්ගේ හිස්තැනත් පුරවන්නේ අපේ මහ රජ්ජුරුවෝ ම ය. අධිරාජ්‍යවාදීන්ගේ හා දේශීය ඩොලර් කාක්කන්ගේ කුමන්ත්‍රණවලින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත්, මේ රටත් බේරාගැනීමේ උද්ඝෝෂණයක් ඊයේ (21) දින සවස ලිප්ටන් වටරවුමේ තිබිණි.  අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල්, මේ රටේ සිටින පරගැති දේශපාලනඥයින් හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයින්ගෙන් ශී‍්‍ර ලංකාව බේරාගැනීමට කිසිම භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් හැටියට එක්වෙමු යැයි එම විරෝධතාවේ සංවිධායක බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා කීවේ ය. ජනාධිපති උපදේශක එම්. එච්. එම්. අෂ්වර් සහ බස්නාහිර පළාත් සභාව...