කොළඹට කුඩු බෙදූ ලාලිත්‍ර අත්අඩංගුවේ; අනුග්‍රාහක තවම එළියේ
(2011 ජුනි 13, W3Lanka ) හෙරොයින් කිලෝ හතකට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගනු ලැබූ පකිස්තානයෙන් ලංකාවට කුඩු ආනයනය කර විකුණන මුල්ලේරියාවේ කුඩු ලාලිත්‍ර ආණ්ඩුවේ දේශපාලකයකුගේ ප්‍රබල හිතවතකු බව ද, ඔහු නිදහස් කර ගැනීම සඳහා මෙම දේශපාලකයා ප්‍රබල උත්සාහයක නිරත වී ඇති බව ද වාර්තා වේ. මෙම දේශපාලකයාගේ රැකවරණය ලබමින් රටට ම කුඩු බෙදමින් සිටි කුඩු ලාලිත්‍ර අත් අඩංගුවට ගැනීම සඳහා ඔත්තු සැපයීම පිටුපස කලින් කොළඹ හෙරොයින් ජාවාරම හා සම්බන්ධව සිටි තවත් දේශපාලකයකු සිටින බවට සැකයක් ලාලිත්‍රගේ අනුග්‍රාහක දේශපාලකයාට ඇති බව ද ඔපාදූප පැතිරෙමින් තිබේ. කොළඹ නගරයේ පාතාල හා මැරවර බලය ප්‍රදර්ශනය කිරීමේ තරගයක් මෙම දේශපාලකයන් දෙදෙනා අතර තිබුණු අතර එයින් කොළඹ දිස්ත්‍රික් දේශපාලකයා ජය ගත්තේ මෙම කුඩු වෙළෙන්දා විසින් යහමින් ලබා දෙන ලද මුදල් විසි කර කුඩුකාරයන් ඇතුළු වෙනත් මැරවරයන් එක් රැස් කර ගැනීමෙන් බව ද සැළයි. කලින් කුඩු වෙළඳාම හැසිරවූ දේශපාලකයාට සිය ප්‍රමුඛ වෙළෙන්දා නීතියෙන් හා නීතියට පිටින් සිදු වන ඝාතනයෙන් බේරා ගැනීම පිණිස රටින් පිට කර ගන්නට සිය බලය පාවිච්චි කර වෙළෙන්දා රටින් පිට වන ගුවන් යානයක...