ලහිරු පෙරේරාගේ ක්‍රිකට් සිංදුව ජනාධිපති නිපන්දුවක් කරයි | Sri Lanka President calls cricket song no-ball
බංග්ලාදේශය (2011 පෙබරවාරි 25, W3Lanka ) පහත් රුචියක් මත පදනම් වූ, අපහාසාත්මක හා මුග්ධ ප්‍රකාශ සහිත වචන වගයක් (පදමාලාවක් යයි ද ඇතැම්හු කියති) සහිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ලෝක කුසලාන සිංදුව (ගීතය) තහනම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් පියවර අපි අගය කරමු. ජනාධිපතිවරයා මේ සිංදුව තහනම් කිරීමට පියවර ගත්තේ සූරියවැව ක්‍රීඩාංගනය විවෘත කළ දා කැනඩාව හා ශ්‍රී ලංකාව අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී එය වාදනය කරනු අසා ඇති වූ ලජ්ජාව හා වෙනත් රටවල් ගැන කියන කතා නිසා ඇති වූ අපහසුතාව නිසා බව වාර්තා වේ. ලංකාවේ වැනි පාලනයන් සහිත රටවල කලා බිස්නස්කාරයන්ට පවා පාලකයා සතුටු කරන්නට බැරි වුණොත් සිදු වන්නේ ඇන ගන්නට බව මේ සිද්ධියෙන් පෙනේ. මේ සිංදුව කියන්නේ (ගායනා කරන බව සමහරු කියති) ලහිරු පෙරේරා නමැති ගීත ව්‍යාපාරිකයා ය. (ගායකයකු ලෙස ද හැඳින්වේ.) ඔහු මීට පෙර 'රතු රටකජු - සුදු රටකජු' යයි සිංදුවක් කියුවේ ය. එහි වචන ද ඔහු සහ ඔහුගේ නඩය විසින් අතනින්, මෙතනින් අහුලාගෙන මෙලෝ රහක් නැතිව එකට පටලවා ගත් ඒවා ය. එහෙත්, බාල බඩු වැඩි මිළට විකිණීමේ දක්ෂතා...