Posts

Showing posts with the label ලසිත් මාලිංග

ලසිත් මාලිංගගේ ගොන්පාට් හා ජනමාධ්‍ය ටිරිකිස්

Image
"පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බ කිරීමේ වැරැද්ද මොකක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මොකවත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි, මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා. කව්රුහරි නිකම් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්." - ලසිත් මාලිංග (2012 අප්‍රේල්) ලසිත් මාලිංග ජනමාධ්‍යවලට පාට් දමන වීඩියෝ දර්ශන ඔබ දකින්නට ඇතැයි සිතමි. මේවා අන්තර්ජාලයේ ප්‍රකට නිසා හා අප මෙවැනි අඥානයන් අගය නොකරන නිසා එය මෙහි නැවත පළ නොකරමි. ඇත්තෙන්ම මෙම සිද්ධිය මාධ්‍ය හැසිරීම හා මාධ්‍ය ඉදිරියේ ක්ෂණිකව ප්‍රසිද්ධ වූ පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳ සාකච්ඡා නිමිත්තක් සපයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන් ලබන ලක්ෂ හතළිහකට අධික මාසික වැටුපට අමතරව ඔවුන්ට පිරිනැමෙන දීමනා හා වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ඉදිරි වර්ෂය සඳහා ගිවිසුමට අත්සන් නොකර තෙපරබාමින් සිටියහ. එහෙත්, ඇමති මහින්දානන්ද අලුත්ග‍මගේ දැම්මේ එක සැල් එකකි. මේ ක්‍රිකට් වීරයෝ පිත්ත කඩුල්ලේ දැවටී දැවීගිය පිතිකරුවන් පිරිසක් සේ පෝලිමේ පැමිණ ගිවිසුම අත්සන් කළහ. ක්‍රීඩා ඇමත...

ලසිත් මාලිංගගේ රුවන් වැකි | Great sayings of cricketer Lasith Malinga

Image
(2012 මැයි 13 දිවයින පුවත්පත සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකි) මම නිදහස්‌ ක්‍රීඩකයෙක්‌. මට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයත් එක්‌ක ගිවිසුමක්‌ නැහැ. මට ඕන කොහේ හරි ක්‍රිකට්‌ ගහන්න විතරයි. ඒක ශ්‍රී ලංකාවටද, අයි.පී.එල් ද, ප්‍රාන්තද කියල නැහැ. කොහේ හරි ක්‍රිකට්‌ සෙල්ලම් කිරීම තමයි මගේ ආසාව. මම උපරිම තව අවුරුදු 3 ක්‌ 4 ක්‌ ක්‍රීඩා කරයි. කොහොමත් තව අවුරුදු 10 ක්‌ 15 ක්‌ යන කොට මම බෝල් කරපු විදිහවත් කවුරුත් දන්න එකක්‌ නැහැ.  I am a free player. I have no agreement with Sri Lanka Cricket. I only want to play cricket anywhere. I don't mind whether it is Sri Lanka, IPL or county. My desire is to play somewhere. I will play maximum three, four years more. After 10,15 years nobody will remember how I bowled. කිසිම කෙනෙක්‌ කවුරු හරි අනුගමනය කරනව නම් ඒක නරක දෙයක්‌. හැම ක්‍රීඩකයකුටම තමන්ට ආවේණික දක්‍ෂතාවක්‌ තියෙනවා. ඒක හදාගෙන ඉදිරියට යැම තමයි වැදගත්. කිසිම කෙනෙක්‌ මාව කොපි කිරීමේ තේරුමක්‌ නැහැ. If somebody imitates another person, it is bad. Every player has his own skill. The important thing is t...

මුදල් වෙනුවෙන් ක්‍රිකට් ගහන ලසිත් මාලිංගට අපේ ආචාරය!

Image
බලන්න, මේ අයගේ අදහස් අතර පරතරය! "පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බ කිරීමේ වැරැද්ද මොකක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මොකවත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි, මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා. කව්රුහරි නිකම් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්." - ලසිත් මාලිංග   බොරු වීරයන්ගේ රට, ජාතිය ගැන ව්‍යාජ කතා වෙනුවට ඇත්ත කතා කළ ලසිත් මාලිංග ඔබට අපේ ආචාරය!   මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න