බස් ස්ට්රයික්: ජනතාව පයින් හෝ ගොස් වැඩ
(2011 ජුනි 24, W3Lanka ) මේ රටේ ආණ්ඩුවකුත් ඇත. ඒත්, ලබන සඳුදා වැඩට යන්නට බස් තිබේ ද කිව නො හැක. ප්රයිවෙට් බස්කාරයෝ හිටි හැටියේ ස්ට්රයික් ය. ඔවුන්ට ලංගමෙන්, පොලිසියෙන් කරදරලු. ලංගම භාරව ඉන්න ඇමති ප්රයිවෙට් බස් හිමියෙකි. ප්රයිවේට් බස්කාරයන්ට කැමති හැටියට පාරේ වමෙන්, දකුණෙන්, සෙනග වහලේ, සීට් යට පටවාගෙන කැමති වේගයකින් හෝ හෙමින් යන්නට පමණක් නොව ලංගමත් එක්ක පාරේ ගුටි ඇන ගන්නට ද ආණ්ඩුව දැනටත් ඉඩ දී තිබේ. දැන් 7.6%කින් බස් ගාස්තුව ද වැඩි කර දී ඇත. ප්රයිවෙට් බස් මුදලාලි ඇමතිවරයා වහා කීවේ දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බවයි. එවිට ප්රයිවෙට් බස්වල සෙනග අඩු වීම වැළකේ. ප්රයිවෙට් බස්කාරයන්ගේ චණ්ඩියා වන්නට ආණ්ඩුව සහ අනෙකුත් සංගම් සමග තරග වැටී සිටින (දුටු)ගැමුණු විජේරත්නට බස් ගාස්තුව 15%කින් වැඩි කිරීමට උවමනා ය. නැතිනම් 27දා, සඳුදා සිට බස් වර්ජනය කරවන බව ඔහු කියයි. වසර දෙකකකින් ගාස්තු වැඩි නො කළ නිසා දුන් වැඩි වීම මදි බව ඔහු කියයි. ඔහු වැරදි ය. ඔහු මේ රටේ වැඩ කරන ජනතාව අනුගමනය කළ යුතු ය. මේ රටේ වැඩ කරන ජනතාවට දැන් වසර ගණනාවකින් හරි හමන් වැටුප් වැඩ...