Posts

Showing posts with the label ලංකා ගුරු සංගමය

සුසිලා හේරත් ගුරුවරියගේ අරගලය හා ළමා අයිතිවාසිකම්

Image
සිය දියණියගේ ගවුම පාසල් විනයට නො ගැලපෙන අන්දමින් කොට නිසා වාටිය ලිහා දිග්ගැස්සූ බවට චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් පාසලේ බිම දන ගස්වා, සිය දියණියට වැඳ සමාව ගන්නා ලෙස අණ කරමින් අඩන්තේට්ටම් කිරීමට භාජනය වූ නවගත්තේගම ජාතික පාසලේ ප්‍රියානි සුසිලා හේරත් ගුරුතුමිය ඇයට ලැබුණු වන්දි මුදල භාවිතා කරමින් දුප්පත්, අසරණ, දක්ෂ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කර තිබේ.  ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වනාහි දීනත්වයේ සංකේත වන් ගුරු ප්‍රජාවකගෙන් සමන්විත එකකි. අද‍ාළ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරුවරිය පාසලේ දන ගස්වන ලද අවස්ථාවේ පාසලේ සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා පවා නඩුවේදී සාක්කි දුන්නේ ගුරුවරියට අවාසි වන අන්දමටයි.  තමන් රිමාන්ඩ් භාරයේ සිටියදී විදුහල්පතිවරු 87ක් තමන් බලන්නට අා බව පළාත් සභා මන්ත්‍රීවරයා පුරසාරම් දොඩයි. ඇත්තෙන්ම, බහුතරයක් විදුහල්පතිවරු යනු සාමාන්‍යයෙන් එවැනි කොන්ද පණ නැති පිරිසක් නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. තනතුරු රැක ගැනීම සඳහා දේශපාලකයන්ගේ දෙපා නමස්කාර කරන විදුහල්පතිවරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුලබ ය.  එ...

වාර විභාග සොමිය හා ඌරා‍ගේ මාළු උගේ ම ඇඟ පිට කැපීම

Image
(2010 ජුලි 09,  W3Lanka )  පාසල්වල දෙවන වාර අවසාන විභාගය ළඟ ළඟ එමින් තිබේ. පසුගිය සමයේ පළාත් සභා විසින් සකසන ලද වාර විභාග ප්‍රශ්න පත්‍ර රටට ම විහිළු සැපයූ බව කවුරුත් දනිති. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද බව කියන නිලධාරීන්ගෙන් පිරී ඇත. බහුතරයක් නිලධාරීන්ට ඇති වැඩක් නැත. එහෙත්, වාර විභාග ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව සකසා පාසල්වලට බෙදා දීමට තරම් හැකියාවක් පළාත් අධ්‍යාපන බලධාරීන්ට නැත. නැති හැකියාවන් වර්ධනය කරගෙන පිළිවෙලකට පාසල් වාර විභාග පවත්වනවා වෙනුවට දැන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර විභාග පැවැත්වීමේ වගකීමෙන් ඉවත්ව ඇත. ඒ වෙනුවට දැන් වාර විභාග ප්‍රශ්න පත්තර සකස් කරන්නේ පාසල් විසිනි. බලතල විමධ්‍යගත කිරීම නරක නැත. එහෙත්, පොදු ප්‍රශ්න පත්‍රයක් සැපයීමේදී එය සැකසීමට ගත වන කාලය, මුද්‍රණ වියදම් ආදී කාරණාවලදී එය පිරිවැය කාර්යක්ෂම වේ. පාසල් මට්ටමින් විභාග ප්‍රශ්න පත්‍ර සකසන්නට යාම විසින් විශාල ශ්‍රම හා ධන නාස්තියක් සිදු වේ. ප්‍රශ්න පත්‍රවල ගුණාත්මකභාවය ද රඳා පවතින්නේ එක්, එක් ගුරුවරයාගේ නිපුණත්වය මතයි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු...

ගුරු, විදුහල්පති වැටුප් වැඩි කිරීම අමු ම අමු ප්‍රෝඩාවක්: ගුරු විරෝධය අභයාරාමයෙන්

Image
(2010 ජනවාරි 07 -W3Lanka) ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම මුලික කොට නිකුත් කර ඇති අංක: 6/2006/VIII රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට කිසිදු විසඳුමක් නොදෙන එකක් බැවින් එය සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරන බව දිවයිනේ ප්‍රබල ම ගුරු සගම් දෙකක් වන ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසති. එම සංවිධාන මේ බව නිවේදනය කළේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වාසය කරන, එම සංගමයේ මූලස්ථානය පිහිටි නාරාහේන්පිට අභයාරාම‍යේදී ය. රජය විසින් නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය මෙයට පෙර උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් ක‍්‍රියාවලිය සිදුවන වකවානුවේදී ගුරු සංගම්වලට වැටුප් කොමිෂම විසින් ඉදිරිපත් කරනු ලැබ සංගම් විසින් මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කරන ලද එකක් බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි පැවසීය.  ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝග අනුව ලැබුනු ප‍්‍රතිලාභ කිසිවක් රජය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද චක‍්‍රලේඛය තුළ අන්තර්ගත නොවන බව ද, මෙමගින් රාජ්‍ය මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද ආකාරයෙන් රු. 3000 සිට වැටුප් වැඩි වීමක්...

සුසිලා දොඩංගොඩ සමු ගනියි

Image
(2009 දෙසැම්බර් 16 - W3Lanka ) ක්‍රියාකාරී ගුරු නායිකාවක හා අවිද්‍යාවට එරෙහිව භෞතිකවාදය වෙනුවෙන් අභීතව සටන් කළ හේතුවාදී ක්‍රියාකාරිනියක වූ සුසිලා දොඩංගොඩ සහෝදරිය අභාවප්‍රාප්ත වූ බව ද, ඇගේ අවසන් කටයුතු අද සවස පානදුරදී සිදු වන බව ද ලංකා ගුරු සංගමය පවසයි. සුසිලා දොඩංගොඩ ලංකා ගුරු සංගමයේ නිර්මාතෘ නැසී ගිය එච්. එන්. ප්‍රනාන්දුගේ බිරිඳයි. වාමාංශිකයකු වූ එච්. එන්. ප්‍රනාන්දු 1980 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණට සමීපව කටයුතු කළේ ය. ඔහු ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මස්සිනා ය. ලංකා ගුරු සංගමය විසින් සුසිලා දොඩංගොඩ සහෝදරියට ආචාරය පුද කරමින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. 60 දශකයේ ගුරු වෘත්තියට පිවිසුණු සුසිලා දොඩන්ගොඩ සහෝදරිය සම්ප‍්‍රදායික ගුරුවරියක් නොවී සමාජ පරිවර්තන ක‍්‍රියාවලියට පිවිසුණු ගුරු නායිකාවකි. 1966, 67 වසරවල මහරගම ගුරු විද්‍යාලයේ පුහුණුව ලැබූ අවධියේදී ලංකා ගුරු සංගමයේ හිටපු ලේකම් එච්.එන්. ප‍්‍රනාන්දු සහෝදරයා සහ සංගමයේ ක‍්‍රියාකාරිකයන් සමග එක්ව ගුරු අරගලවලදී ඉදිරියෙන් ම කටයුතු කළා ය. අතීතයේදී දේශපාලන කටයුතුවලට වඩා සාහිත්‍ය කටයුතුවලට වැඩි නැඹුරුවක් දැක්වුව ද ගුරු විදුහලේ ස...

රජයේ සේවක ජීවන වියදම් දීමනාව වැඩි කිරීම ප්‍රෝඩාවක්

(2009 නොවැම්බර් 20 - W3Lanka ) මාස හයෙන් හය ජීවන වියදම් දීමනාව ගණනය කරන රජයේ ක්‍රමවේදය අනුව මේ වන විට රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 3150කින් වැඩි විය යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු පෙන්වා දෙයි.  ඔහු පවසන්නේ රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 750කින් වැඩි කිරීම ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන කරන ප්‍රෝඩාවක් බවයි. එසේම, වසර ගණනාවක සිට ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට හා අදාළ හිඟ වැටුප් ලබා දීමට රජය වෙන් ක ඇත්තේ රු. කෝටි 40ක් පමණක් බව ද, ඒ අනුව දෙලක්ෂයකට වඩා සිටින ගුරුවරුන්ට රු. 2000කවත් හිඟ වැටුප් ලබා දීමට නො හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

රජයේ පාසල්වලට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වන්නේ ඇයි?

Image
(2009 ජුලි 20) 1994 වසරේ 254,000ක් පමණ වූ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට අතුල් වන ශිෂ්‍ය සංඛ්‍යාව 2008 වන විට 222,000ක් පමණ දක්වා පහත බැස ඇති බවද, ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි. මේ පිළිබඳ අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු පවසන්නේ කුඩා පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබීමට හේතුව රජයේ වැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති බවයි. නිදසුනක් ලෙස පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ගුරුවරුන් සේවයට යෙදවීම කුඩා පාසල්වල සිසුන්ගේ සම අධ්‍යාපන අයිතිය පැහැර ගන්නා බව පවසන ජෝසප් කියන්නේ ඒ වෙනුවට පාසලේ පංති සංඛ්‍යාව අනුව ගුරුවරුන් ප්‍රමාණය තීරණය කළ යුතු බවයි.  2007දී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ ජාතික අධ්‍යාපන කොමිෂම විසින් නිර්දේශ කරන ලද ආකාරයට ජාතික පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පංති ඉවත් කළ යුතු අතර, කුඩා පාසල්වලට පහසුකම් හා ගුරුවරුන් ලබා දී ඒවායේ අධ්‍යාපන තත්වය ඉහළ නැංවිය යුතුය.  එහෙත් ජාතික පාසල්වල ව්‍යූහයේ වෙනසක් සිදු කිරීම පහසු නැති බව විදුහල්පතිවරු පෙන්ව...