විදුලිබල මණ්ඩලය, වරාය, ජල සම්පාදන මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ඒකාබද්ධ වෘත්තීය ක්රියාමාර්ගයකට සාකච්ඡා
(2009 ඔක්තෝබර් 28 - W3Lanka ) තෙල් සංස්ථා සේවකයන්ගේ අකුරට වැඩ ව්යාපාරය අවසන් කර පැය 48කට ආසන්න වෙමින් තිබුණු ඊයේත් කොළඹ නගරයේ පවා දිග ඉන්ධන පෝලිම් දක්නට ලැබුණු අතර පිට පළාත්වල තත්වය වඩාත් දරුණු විය. ඉන්ධන අලෙවියේ තත්වය හෙට වන විට සාමාන්ය අතට හැරෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. එහෙත්, ඉල්ලා සිටින රු. 5000ක අතුරු දීමනාව ඛනිජ තෙල් ඇමති ඒ.ච්.එම් ෆවුසි පොරොන්දු වූ පරිදි ජනාධිපති සමග සාකච්ඡාවක්වත් වෘත්තීය සමිතිවලට ලබා නො දීමට කටයුතු කිරීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය, වරාය, ජල සම්පාදන මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ඒකාබද්ධව දීප ව්යාප්ත වෘත්තීය සමිති ක්රියාමාර්ගයකට පිවිසීමට තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුව ඊයේ (27 වැනිදා) තීරණය කළේය. එම වෘත්තීය සමිති ක්රියාමාර්ගයේ ස්වභාවය හා දින වකවානු තීරණය කර ගැනීම සඳහා ඉහත ආයතනවලට අයත් වෘත්තීය සමිති සමඟ අද සිට සාකච්ඡා ආරම්භ කරන බව තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුවේ මාධ්ය ප්රකාශක ඩී. ...