Posts

Showing posts with the label රොෂාන් රවීන්ද්‍ර

ජැක්සන්ට ඇඩ්‍රස් නැද්ද?

Image
නළුවා රොෂාන් රවීන්ද්‍ර ය ජැක්සන් ඇන්තනිගේ ‘ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය ගැන කවුරුවත් කතාවක් නැත. මහින්ද රාජපක්ෂ බලයේ සිටියා නම් මේ වන විට ජැක්සන් කොහොම නටනු ඇද්ද? අද කාලේ චිත්‍රපටයක් බලා වින්ද රසය ගැන කියන්නටවත් බැරි ය. චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ ව්‍යාපාරිකයන්ට ඒවා හුදු ප්‍රචාර පමණි. මේ අතර ලෝකෙ ම අතැඹුලක් සේ දන්නවා යි සිතා සිටින පොත් හතක්, අටක් කියවා දැමූ පඬියන් පිරිසක් ද කලාව, සාහිත්‍යය හා දේශපාලනය ගැන සාකච්ඡා හයිජැක් කරන්නට පුළුවන් යයි සිතාගෙන සිටිති.  මෙම සටහන ලියන්නේ ජැක්සන් නම් ප්‍රතිගාමී දේශපාලකයා වෙනුවෙන් නොව, ඔහු තුළ සිටින කලාකරුවා වෙනුවෙනි.  කලාකරුවෝ වනාහි ජනතාව ගැන සංවේදී පිරිසක් ය යන මිථ්‍යාවක අපි නම් ගැලී නැත. ඇතැම් කලාකරුවෝ සංවේදීභාවය මාකට් කරන වෙළෙන්දෝ ය. එය ජැක්සන්ට ය අනෙක් බොහෝ අයට ය කියා වෙනසක් නැත. ඒ නිසා කර්තෘ දෙස බැලීම තේරුමක් නැත. බැලිය යුත්තේ කෘතිය දෙස ය. එහෙත්, කෘතියේ අව්‍යාජත්වය යනු කලාවේ වැදගත් සාධකයකි. සාමාන්‍ය රසිකයකු වන මට නම් එය කෘතියේ වැදගත් ම සාධකයයි.  ජැක්සන්ගේ ‘ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය කතා කළ යුතු විෂයක් තේමා කර ගන්නා කදිම චිත්‍රපට...