මහජන බලය ඉදිරියේ ආණ්ඩුව පරාද ය
(2011 ජුනි 04, W3Lanka ) "මගේ පුතා මැරුණේ දුප්පත් කම්කරුවන් වෙනුවෙන් කළ සටනක් අවස්ථාවේදී නිසා එයා මට වීරයෙක්. අපේ මහ එවුන් කියලා ඉන්න අයගේ මොළේ පැදුන දාට මේ වගේ අපරාධ සිද්ධ වෙන එකක් නැහැ. මගේ ප්‍රාර්ථනය ඒ දිනය ඉක්මණින් උදා වෙනවා දකින්නයි. මේ වගේ දේවල් සිද්ධ නොවෙන තැනට රට ගේන්න පාලකයන්ට ඝානය පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා." -ආර්.ජී.ඒ. ස්ටැන්ලි ක්වින්ටස් (ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුපට එරෙහි සටනේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය නිදහස් වෙළඳ කලාපයේ කම්කරු රොශේන් චානකගේ පියා) උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතෙනි. මෙම දුක්ඛිත මිනිසාගේ ප්‍රකාශය ඔහු විසින් 'අපේ මහ එවුන් කියලා ඉන්න අය' ලෙස හඳුන්වන පිරිසගේ හඬ වමාරන දිනමිණ පුවත්පතේ පළ වන්නේ මෙසේ ය: ‘දරුවන්ගේ ඔලුවට බහුබූත දාන ක්‍රියාවන් නිසා අපේ දරුවෝ විතරක් නොවෙයි අපිත් දුක් විඳීනවා. ඒ අයගේ මොළේ පෑදුනු දාට මේ වගේ අපරාධ සිද්ධ වෙන එකක් නැහැ.’ මේ දිනවල දිනමිණ ඇතුළු රාජ්‍ය මාධ්‍ය අසාර්ථක ප්‍රයත්නයක යෙදෙමින් උත්සාහ කරමින් ඉන්නේ මෙම දුප්පත් කම්කරුවාගේ ඝාතනයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ පිට පැටවීමටයි. ඇත්තෙන් ම, 2003න් පසු...