Posts

Showing posts with the label රේණුකා බාලසූරිය

සර්පයා (කේ.කේ. සමන් කුමාර) ගැන දුක ය

Image
( 2010 සැප්තැම්බර් 19,  W3Lanka )  මේ සාහිත්‍ය මාසයයි. සාහිත්‍යය කන්නදැයි රාජ්‍ය නායකයන් විසින් අසා තිබෙන, පොත පත නො කියවන, ලියුමක් හැර අන් යමක් ලියා නැති ලොකු ලොක්කන්ට සාහිත්‍යශූරී සම්මාන පිරිනැමෙන මේ රටේ සාහිත්‍යකරුවන් ජීවත් වන්නේ කෙසේදැයි සොයා බලන්නට කවුරුවත් නැත. ජීවත් වීම අතිශය දුෂ්කර ය. කෙතරම් දුෂ්කර ද යන්න කේ.කේ. සමන් කුමාර (සර්පයා) හොඳින් දන්නවා ඇත. සාහිත්‍යය ලියා ජීවත් වන්නට බැරි ය. දැන්වීම්, ටෙලි නාට්‍ය කතා වැනි විකිණිය හැකි යමක් ලිවිය යුතු ය. පහත පළ වන්නේ අද සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ පළ වූ පුවතකි. මෙහි නම් සඳහන් වන අන් අය ගැන අපට කිසිදු හැඟීමක් නැත. එහෙත්, සර්පයා ගැන දුක ය.  චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මේ දිනවල අලුත් ව්‍යාපෘතියකට අත ගහල. ඒක අපේ රටට හඳුන්වාදෙන අලුත්ම අලුත් වැඩක්. මේ කාර්යය තමයි ඇය නිෂ්පාදනය කළ සියලු චිත්‍රපට ඇසුරින් නවකතා රැසක් නිර්මාණය කිරීම. ඇත්තටම විදේශ රටවලට නම් මේ ක්‍රමය අලුත් අත්දැකීමක් වෙන්නේ නෑ. ඒ රටවල ඕනතරම් චිත්‍රපට ඇසුරින් නවකතා බිහිවෙනවා. ඒත් අපේ රටට මේක අලුත් අත්දැකීමක්. මම තීරණය කළා අපේ නිෂ්පාදන ස...