Posts

Showing posts with the label රාජපක්ෂ රෙජිම

දයාසිරි ගියේ කැපිල්ල නිසා ද? බැරි නිසා ද? නැතිනම් හැටි ද?

Image
දයාසිරි ජයසේකර ද මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගියේය.  දයාසිරි ගියේ ඔහුට තිබුණු කැපිලි නිසා ය, ඔහුට එජාපයෙන් අවස්ථාවක් නො ලැබුණු නිසා ය ආදී කතා තිබේ.  දයාසිරි ජයසේකර ජනප්‍රිය දේශපාලනඥයෙකි. ඔහු වැනි අය එක්සත් ජාතික පක්ෂයේ රඳවා ගන්නට බැරි වීම ඇත්තට ම නායකත්වයේ බරපතල දුබලකමකි. එහෙත්, ඔහු වනාහි දක්ෂ දේශපාලනඥයකු ය යන්න නම් පිළි ගත නො හැක. එහු සිංදු කියන්නට නම් දක්ෂයෙකි. බලය, ධනය හා වරප්‍රසාද ඔස්සේ ඔහු ආකර්ශනය කර ගන්නට හැකි වීම රාජපක්ෂ පවුල් පාලනයේ විශේෂ දක්ෂකමක් නො වේ. ඒ වනාහි දයාසිරි ජයසේකර චරිතයේ තිබෙන දීන ලක්ෂණයකි. අවසානයේදී ඔහු ද සන්ධානයේ සිටින සෙසු දීන බත්බැලයන් ද අතර වෙනසක් නැති බව ඔප්පු වී තිබේ. කොන්ද පණ ඇති මිනිස්සු කරන්නේ තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් තනිව හෝ සටනේ යෙදී සිටීමයි. ප්‍රතිපත්ති පාවා දී, තමන්ගේ විවේචනයට ලක් වූ දුෂ්ටත්වයන් සමග ලජ්ජා විරහිත ලෙස සන්ධානගත වන්නට පුළුවන් මිනිස්සු වනාහි බලාපොරොත්තු තැබිය හැකි අය නො වෙති. ලංකා‍වේ කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. පක්ෂ නායකයන්ගෙන් සිය ගමනට සහයෝගයක් නො ලැබුණු තැන පක්ෂයේ සතුරු බලවේගය සමග එක්...