Posts

Showing posts with the label රාජපක්ෂ

ගැලියෙන් නිදහස් කර ගත් තවත් වහලෙක්

Image
කත්‍රිආරච්චි චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවීමේ ප්‍රබලයකු විය. එවකට ඔහු පිළියන්දල එජාප මැර නායකයා වූ ලොකුගේ හා සමාන, ප්‍රතිවිරුද්ධ නිව්ටන්ගේ නියමය විය. දැන් මේ දෙන්නා ම ආණ්ඩුවේ ය.  නිකම් ම ආණ්ඩුවේ නො ව, රාජපක්ෂ කඳවුරේ ය.  ඒ නිසා දැන් කත්‍රිආරච්චිට රත්මලාන ආසනයේ සංවිධායකකම දී ඇත. කත්‍රිආරච්චි රාජපක්ෂ කඳවුරට ජැක් එක ගසා ගත්තේ හිරේ වැටෙන එකෙන් වළකින්නට ය. එතුමා ඔහු වෙනුවෙන් බොහෝදේ කර ඇත. එයට කළ ගුණ සැලකිය යුතු ය. මොහු ද ඉදිරියේදී ජොන්ස්ටන් වැනි සිමෙන්ති බැලයකු වනු ඇත.  ඉදිරිය දුෂ්කර ය. ගැලියෙන් නිදහස් කර කන්න බොන්න දී හදා වඩා ගත් වහලුන්ගේ මරාගෙන මැරෙන හමුදාවක් 'පවුල'ට අවශ්‍ය ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

යුද අපරාධ චෝදනාවෙන් රාජපක්ෂවරුන් ගලවා ගත හැක්කේ කෙසේ ද?

Image
( 2010 දෙසැම්බර් 05,  W3Lanka )  යුද අපරාධ චෝදනා රාජපක්ෂවරුන් පසුපස හඹා ඒම අවසන් නො වන බව ලන්ඩන් ගමන හා ආශ්‍රිත සිදුවීම්වලින් ද විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරන ලද රහසිගත තොරතුරුවලින් ද පෙනේ.  කොටි සංවිධානය විනාශ කර දැමීම පිළිබඳව බටහිර බලවතුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කෘතවේදී වන මුත්, බටහිර විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ එය සිදු නො වීම නිසා එයට වගකීමට රාජපක්ෂවරුන්ට සිදු වී තිබේ. මේ රාමුව බටහිර බලවතුන් විසින් ම ඕනෑ තරම් කඩා බිඳ දමා ඇති මුත් දේවාලයේ මළ පහ කරන්නට පුළුවන් කපුවන්ට පමණක් වීම නිසා ඒ අවස්ථාව ඉල්ලා ලංකාව උද්ඝෝෂණ කරන්නට යාම තේරුමක් නැත.  රාජපක්ෂවරුන් රටේ කලින් සිටි පාලකයන්ගෙන් වෙනස් වන්නේ ඔවුන් ජාත්‍යන්තර දේශපාලනයේ දෙන ලද රාමුව බිඳ ගෙන කොටි සංවිධානය හඹා‍ ගොස් යුද්ධය ජය ගැනීමට සමත් වූ නිසා ය. එය පොතේ නිතිවලින් කළ යුද්ධයක් නො වේ. පොතේ නීති නො තැකූ කොටි සංවිධානයට අවසානයේදී පොතේ නීති නො තකන තමන් වැනි ම වූ සතුරකු මුණ ගැස්වූයේ රාජපක්ෂවරු ය.  රාජපක්ෂවරුන් ද ප්‍රභාකරන් මෙන් ම ඉතිහාසයේ නිර්මානයක් බව අප මීට පෙර ද ලියුවෙ...