Posts

Showing posts with the label රඳවා ගැනීමේ බද්ද

හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වහන ආණ්ඩුවේ රඳවා ගැනීමේ බද්ද

Image
වානිජ බැංකු සහ මුල්‍ය ආයතනවල සියලු ම ස්ථාවර හා ඉතිරි කිරී‍මේ ගිනුම් හිමියන්ගේ පොළී ආදායම මත 2.5%ක රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සඳහා සහනයක් ලැබෙන්නේ වයස අවුරුදු හැටට වැඩි පුරවැසියන්ට පමණි. මේ අනුව සියලු පොළී ආදායම් වෙනුවෙන් බොහෝ විට වසර අවසානයේදී සෑම රුපියල් සියයක් වෙනුවෙන් ම රු. 2.50ක් අය කරනු ඇත. මේ බද්ද අය කරනු ලබන්නේ දැන් 4%ක පමණ මට්ටමක ඇති ඉතිරිකිරීමේ ගිනුම් පොළියෙන් හා 10%ක පමණ මට්ටමක ඇති ස්ථාවර ගිනුම් පොළියෙනි. මෙතෙක් මෙම රඳවා ගැනීමේ බද්ද අය කෙරුණේ ලක්ෂ පහකට වැඩි පොළී ආදායම් හිමියන්ගෙන් පමණි. මෙම බද්ද හඳුන්වා දීම ඇත්තෙන් ම ආණ්ඩුවේ බංකොලොත්කම ප්‍රකාශ කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. මෙම බද්ද අයවැයෙන් යෝජනා කරන ලද්දක් ද නො වේ. ආණ්ඩුව කරමින් සිටින්නේ අලුතින් බදු පැනවිය හැකි අංශ සෙවීම බව පෙනේ. මෙවැනි බදුවලට කිව හැක්කේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වහන බදු කියා ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය...