ලක්ෂ සංඛ්‍යාත රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසකගේ ඉහ මොළ සූරා කෑ ස්වර්ණවාහිනී, දයාසිරි, විමල් හා රාජිත සිව්කට්ටුවේ මහා දූෂණය
(2010 ජනවාරි 09 -W3Lanka) විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ යුද අවි ගනුදෙනු දූෂණ පිළිබඳ විවාදයක් ලෙස හැඳින්වුණු ඊයේ රාත්‍රී ස්වර්ණවාහිනිය විසින් විකාශය කිරීමට නියමිතව තිබුණු රතුඉර විශේෂ වැඩසටහන ආණ්ඩුවත්, විපක්ෂයත්, ස්වර්ණවාහිනියත් එක්ව ජනතාව ගොනාට ඇන්දූ මගඩි නාටකයක් විය. දූෂණ සම්බන්ධයෙන් සිදු විය යුතුව ඇත්තේ විවාද නොව විධිමත් පරීක්ෂණ හා නීතිය ක්‍රියාත්මක කිරීමයි. එකට හොරකම් කර, තමන්ගේ ෆයිල් හංගාගෙන සරත් ෆොන්සේකාගේ ෆයිල් එළියට ඇද, ඒ සොරකම් සිදු වූ බව කියන කාලයේ සරත් ෆොන්සේකාත් සමග සම්බන්ධයක් නොතිබුණු එක්සත් ජාතික පක්ෂය සමග විවාද කරන්නට යාම ගෙදර ඉන්න කාලේ පතිවෘත්තාව නැති කර ගත් කෙල්ල ගැන පසුව ඇය කසාද බැඳගත් බෑණාගෙන් විමසීම වැන්නකි. බෑණා කෙල්ල දකින විටත් ඇගේ පතිවත කෙළෙසී තිබිණි. කෙල්ලට කන්‍යාභාවය නොතිබූ බව දන්නා බෑණා ඒ ගැන කන්‍යාභාවය නැති වූ ආකාරය ගැන හොඳටම දන්නා මාමණ්ඩිලා සමග විවාදයට යාම අමු ගොන්කමකි. අනෙක් පැත්තෙන් යුද අවි ගනුදෙනු දූෂණ පිළිබඳ චෝදනා මහින්ද රාජපක්ෂටද විරුද්ධව නැඟී තිබියදී සරත් ෆොන්සේකාගේ ඒවා ගැන පමණක් විවාද කරන්නේ කුමටද? මේ දෙපළගේ හා වාද විවාද කරන්නට එන සියල්...