ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ආනයනය කරන්නට යන දකුණු කොරියාවට අබ සරණයි
(2010 මැයි 25, W3Lanka ) ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ පාසල්වල දෙවසරක් උගන්වා මුදල් උපයා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන රජයේ මාධ්‍ය සමග එක්ව ගෙන යයි. හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ද පසුගිය කාලයේ ලංකාවේ හෙදියන් දහස් ගණනකට විදේශ රටවල රැකියා අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. එහෙත්, පෞද්ගලික ක්‍රමවලින් විදේශ රැකියා සොයා ගත් අය හැර සෞඛ්‍ය අමාත්‍යංශය හරහා හෙද රැකියා ලබා ගත් කිසිවෙකු පිළිබඳ අපි නොදනිමු. රට රස්සා හීනයෙන් පිබිදුණු හෙදියන්ට ඉංග්‍රීසි පාඨමාලා පවත්වා මුදල් ගරා ගැනීමේ ජාවාරමක් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් දියත් විය. කොරියාවේ ඉංග්‍රීසි ගුරු රැකියා ලබා ගැනීම සඳහා හෙට අනිද්දා ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු කොරියානු භාෂා පංති බඩගාමින් අතේ තිබෙන තුට්ටු දෙකට තට්ටු කර ගනු නිසැක ය. අනෙක් පැත්තෙන් කොරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කරන්නට සිටින ලංකාවේ දියුණු ම පළාත වන බස්නාහිර පළාතේ මතුගම අධ්‍යාපන කලාපයේ පමණක් ඉංග්‍රීසි ගුරු හිඟය 50කට අධික ය. ගුරු හිඟය නිසා එක ගුරුවරයා ...