Posts

Showing posts with the label රට බෙදීම

ජාතිවාදී මකබාස්ලාගේ යෝජනා හා රාජපක්ෂ අටුව කඩා යූඇන්පී පුටුව හැදීම

ලංකාවේ ජාතිවාදී මකබාස්ලා දැන් කදිම යෝජනා කරමින් සිටිති. තමිල්නාඩුවේ සිට ලංකාවට එන සංචාරකයන්ට තහනමක් පැනවිය යුතු බවට හා දැනට පැමිණ සිටින තමිල්නාඩු වැසියන් පිටමං කළ යුතු බවට ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත භික්ෂුව යෝජනා කරයි. මේ යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට නම් සමස්ත ඉන්දියාවෙන්ම එන සංචාරකයන්‍ට තහනමක් පැනවීමට සිදු වේ. මන්ද, තමිල්නාඩුව වෙනම පාස්පෝට් නිකුත් නොකරන බැවිනි. එහි තේරුම සියලු ඉන්දියානුවන් ලංකාවෙන් පිටමං කළ යුතු බවයි. ඔන්න විදේශ ප්‍රතිපත්ති වි‍ශේෂඥ හිමියනි, ක්‍රියාත්මක කර වදාරනු මැන. තමිල්නාඩුවේ සිටින ලාංකිකයන් ආපසු ගෙන්වා ගන්නා ලෙස කරන යෝජනාව නම් ක්‍රියාත්මක කරන්නට පුළුවන. එවිට එහි සිටින බව කියන ලංකාවෙන් පළා ගොස් ඇති බව කියන කොටින් ටිකද මෙරටට ගෙන්වා ගන්නට පුළුවන. .  ‍‍‍‍‍ ගුනදාස අමරසේකර යෝජනා කරන්නේ උතුරේ පවත්වන්නට නියමිත පළාත් සභා මැතිවරණය පවත්වන්නට එපා කියාය. ගෙන එන්නේ පරම්පරාවක් වල පල්ලට යැවූ 1988 - 89 කාලයේ සිටම මතුරන පැරණි තර්කයකි. ඒ පළාත් සභා ඊලමකට පාර කපන බවයි. වසන්ත බංඩාර යෝජනා කරන්නේ දෙමළ චිත්‍රපට බැලීමෙන් වළකින්නටයි. අපි දෙමළ චිත්‍රපට න ොබලා හිටියාම ...