රනිල් ළමයා රංජිත්ට ඇම්බැට්ටයා කීවේය; රංජිත් ළමයා රනිල්ට කේවට්ටයා කීවේය
(2009 සැප්තැම්බර් 29 - W3Lanka ) පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ ජනබල සේනා රැස්වීමකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් නියෝජ්‍ය මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය හඳුන්වනු ලැබුවේ ඇම්බැට්ටයකු ලෙසයි. ඇම්බැට්ටයා යනු අප දන්නා තරමින් කරණවෑමියායි. සියඹලාපිටියට මුදල් අමාත්‍යංශය තුළ පැවරී තිබෙන්නේ ලාභ ගණන් කරන පී.බී. ජයසුන්දරලාගේ, අජිත් නිවාඩ් කබ්රාල්ලාගේ රැවුල කැපීම වැනි කටයුතු නිසා එසේ කියන්නට ඇතැයි සිතිය හැකිය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කේවට්ටයකු යයි හඳුන්වන සියඹලාපිටිය 'රටට වින කරන අය නම් කේවට්ටයෝ’ යයි අද දිනමිණ පුවත්පතට පවසයි. කේවට්ට යනු උම්මග්ග ජාතකයේ රජුට වැරදි උපදෙස් දෙන පුරෝහිතයෙකි. දැන් සිටින රජ්ජුරුවන් රනිල්ගෙන් උපදෙස් නොගන්නා බැවින් සියඹලාපිටිය රනිල්ට දැමූ නම ගැලපෙන්නේ නැත. රජතුමා උපදෙස් ගන්නේ බැසිල්, ගෝඨාභය, පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වැනි මහෞෂධ පඬිරුවන්වලිනි. හතළිහක් පමණ වන ජනාධිපති උපදේශක කේවට්ටයන් පිරිසක් ඉන්නා අතර එක කේවට්ටයකු වන වාසුදේව නානායක්කාර මහෞෂධ පී.බී. ජයසුන්දර දූෂකයකු බව පෙන්වා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියේය. මහ රජතුමා ඔය කේවට්ටයන් වැඩි...