Posts

Showing posts with the label යුනිසෙෆ්

යළි පදිංචි කරන ලද ළමයි දහස් ගණනක් පාසල් නොයති | Thousands of resettled children out of schools

Image
(2010 පෙබරවාරි 25- W3Lanka )   අවතැන් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් අතරින් තවත් දහස් ගණනක් තවමත් පාසල් නොයන බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.  මේ වන විට කලින් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් 48,000ක් යළි පදිංචි කරනු ලැබ තිබේ. ඔවුන් අතරින් වයස අවුරුදු 5 සහ 18 අතර සිසුන් 43,469ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.  වවුනියා, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලට අයත් වන්නි ප්‍රදේශයේ මේ වන විට පාසල් 94ක් ආරම්භ වි තිබේ. අවතැන් වූවන් යළි පදිංචි කරන ලද යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල ද පාසල් 14ක් විවෘත කර තිබේ.  මෙම ප්‍රදේශවල කලින් පාසල් සිය ගණනක් පැවැත්විණි. ඒවා බොහොමයක් යුද්ධය හේතුවෙන් විනාශ වී තිබේ.  මෙම ප්‍රදේශයේ අධ්‍යාපනයට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ ගුරු හිඟය බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.  වන්නි ප්‍රදේශයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ට ගමන් වියදම් දීමනාවක් ලෙස රු.2000ක් ලබා දීමට ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත අතර පැවැත්වුණු සාකච්ඡාවකදී රජය එකඟ විය.  තවත් පාසල් වියේ දරු ද...

වයස අවුරුදු පහට අඩු දරුවෝ 10,000ක් දිනපතා මරුට

Image
(2009 සැප්තැම්බර් 16 - W3Lanka) 1990 සිට 2008 දක්වා කාලයේදී ලෝකයේ වයස අවුරුදු පහට අඩු ළමයින් මිය යන සංඛ්‍යාව 28%කින් පහත වැටී තිබෙනවා. මෙය හොඳ පුවතක්. ඒත්, අද පවා සෑම දිනකම වයස අවුරුදු පහට අඩු දරුවන් 10,000ක් සෞඛ්‍ය හේතු මත මිය යන බව යුනිසෙෆ් වාර්තා පවසනවා. 2008 වසරේ මිය ගිය වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 88ක්. එහෙත් 1990දී එක් කෝටි විසිපන් ලක්ෂයක් දරුවන් මිය ගියා. මෙසේ මිය යන දරුවන්ගෙන් 40%ක්ම කොංගෝ, ඉන්දියා සහ නයිජීරියා යන රටවල අයයි. ආසියාව හා අප‍්‍රිකාව එක්ව ගත් විට වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණවලින් 93%ක්ම සිදු වන්නේ මෙම කලාපයේයි. අවුරුදු පහට අඩු වයසේ දරුවන් මිය යාම වේගයෙන් අඩු වෙමින් ඇතත්, 2015 වන විට ළමා මරණ අනුපාතිකය තුනෙන් දෙකකින් අඩු කිරීමේ සහශ‍්‍රක ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම වේගය ප‍්‍රමාණවත් නැහැ. යුනිසෙෆ් සංවිධානය පවසන පරිදි ඇතැම් කලාපවල ළමා මරණ අනුපාතිකය අඩු වීමේ වේගය පිළිබඳ සෑහීමට පත් වන්න බැහැ. ලෝකයේ වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩියෙන්ම මිය යන්නේ මැලේරියාව, නිව්මෝනියාව හා පාචනය නිසායි. ලංකාවේත් සජීවීව උපදින සෑම දරුවන් දහස් දෙනෙකුටම එකොළොස්දෙනෙක් වය...