Posts

Showing posts with the label යාපනය මහ නගර සභාව

රාජපක්ෂ පාලනය උතුරේ මුදාගත් දෙමළ ජනයා අතර පරාදයි

Image
(2009 අගෝස්තු 10 - W3Lanka) ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජයග්‍රහණය කෙතරම් සුවිසල් එකක් වුව ද එය කිසිවකු මවිත කිරීමට හේතු වුවක් බව නොපෙනේ. ජනාධිපතිවරයා සහ මැති ඇමති රොත්තක්ම, රාජ්‍ය මාධ්‍ය ඇතුලු මහජන දේපල අසීමිත අන්දමින් උපයෝගී කරගෙන කරනු ලබන 'ප්‍රජාතන්ත්‍රවාදී' මැතිවරණ ව්‍යාපාරවලින් ඇත්ත වශයෙන් ම කරනු ලබන්නේ ජනතා කැමැත්ත මහදවල් මංකොල්ලකෑමකි. සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වූයේ නම් එයින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වේ යයි මෙමගින් අදහස් නොකෙරේ. දකුණේ මැතිවරණ දිනීමට අවශ්‍ය ජනප්‍රියත්වය රාජපක්ෂ රෙජිමයට ඔනෑවටත් වඩා තිබේ. එහෙත්, රජයට අවශ්‍ය ජයග්‍රහණ නොව, විරුද්ධවාදීන්ගේ අන්ත පරාජයන් ය. පළාත් පාලන ඡන්දයක් ඓතිහාසික එකක් වීමට යෝග්‍ය නොවුණත්, යාපනය මහ නගර සභාවට හා වවුනියාව නගර සභාවට පවත්වන ලද ඡන්දය එවැන්නක් බව ආචාර්ය දයාන් ජයතිලක අද The Island පුවත්පතට ලිපියක් ලියමින් පවසයි. එසේ වන්නේ මෙම මැතිවරණ වනාහි තිස් වසරක බෙදුම්වාදී යුද්ධය කැරැලිකරුවන්ට පරාජය ගෙන දෙමින් අවසන් වීමෙන් පසු දෙමළ දේශපාලන ජීවිතයේ මධ්‍යස්ථානවල පවත්වන ප්‍රථම මැතිවරණය මෙය වීම බව ඔහු කියයි....