යාපනයේ සිංහලයන්ගේ අවතැන් වීම හා වාර්ගික සහජීවනය | Sinhalese displaced from Jaffna and reconciliation
( 2010 ඔක්තෝබර් 15, W3Lanka ) සටන් විරාම කාලයේ යාපනය පසුබිම් කරගෙන දෙමළ - සිංහල සබඳතා හා ජාතීන්ගේ ගැටුම පිළිබඳ සාකච්ඡා කරන ටෙලි නාට්‍යයක් අශෝක හඳගම නිර්මාණය කර ඉදිරිපත් කළේ ය. එහි නම 'මේ පාරෙන් එන්න' නම් විය. පශ්චාත් යුද සමයේ දැන් එම ජවනිකා වෙනත් තලයක සැබැවින් රඟ දැක්වෙමින් ඇත. යුද්ධය ආරම්භයට පෙර යාපනයේ පදිංචිව සිට අවතැන් වූ සිංහල පවුල් 150කට පමණ අයත් 300ක පමණ පිරිසක් මේ දිනවල යාපනයට පැමිණ. පිරිසක් යාපනය දුම්රියපොළේ වාඩි ලා ගනිමින්, යළි පදිංචි වීම සඳහා ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් දිස්ත්‍රික් ලේකම් ඇතුළු යළි පදිංචි කිරීම භාර නිලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව පසුගිය දිනවල පුවත්පත්වල වාර්තා විය. යාපනය දුම්රියපොළේ රැඳී සිටි පිරිසට හමුදාව විසින් ආරක්ෂාව සලසා තිබිණි. මනා ලෙස සංවිධානය වී සිටි මෙම පිරිස පසුපස ක්‍රියාත්මක වූයේ කවුරුද යන්න එකවර ම හෙළිදරව් වූයේ නැත. එහෙත්, දැන් ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ උතුරු නැගෙනහිර සිංහල ජනතාව නැවත ඔවුන්ගේ මුල් පදිංචි ස්ථානයන්හි පදිංචි කරවීම සඳහා රජය කඩිනමින් කටයුතු නොකළහොත් ජාතික හෙළ උරුමය එ...