Posts

Showing posts with the label යළි පුබුදමු ශ්‍රී ලංකා

ජලය වෙළඳ භාණ්ඩයක්ද? | Is water a trade commodity?

Image
(2010 මැයි 27,  W3Lanka )  Taboo Subjects, සහන් සහ තවත් අය ජල සම්පත වෙළඳපලකරණය කිරීමේ යුක්තියුක්තභාවය පිළිබඳ අප විසින් මතු කරන ලද අදහස් පිළිබඳ සංවාදයට මැදිහත් වී ඇත. Taboo Subjects විසින් මතු කරන ලද ප්‍රශ්නවලට සමාජ ක්‍රියාධරයන් ලෙස අප දක්වන ප්‍රතිචාර තුළ මෙම සංවාදය පෝෂණය කිරීම හා අදාළ කරුණු අඩංගු වේ. 1. ජලය (පහසුවට වැව් ජලය කියමු.) අයිති කාටද? ජනතාවටද? (ගෙවල් දොරවල් වගේ) නැතිනම් රජයටද? (මහා මාර්ග, පාසල්, රෝහල් වගේ) ජලය අයිති සොබා දහමට ය. මිනිසා මෙන් ම මිළ දී ගැනීමක් නොදන්නා සතුන්ට ද ගස් වැල්වලට ද ජලය සඳහා හිමිකමක් ඇත. රජය සිටිය යුතු තැන මීට වසර 2000කටත් වඩා ඈත යුග‍යේ දේවානම්පියතිස්ස රජු පෙන්වා දී ඇත. ඔහු කී අන්දමින් රජයට මෙකී සම්පත්වල භාරකරුවකු විය හැකි ය. හිමිකරු විය‍ නොහැක.  2. ජලය කළමනාකරණය කළ යුත්තේ කවුද? ඒ සඳහා යන වියදම් දැරිය යුත්තේ කවුද? රජය ජල කළමනාකරණයට මැදිහත් වීමේ වරදක් නැත. එහෙත්, හිමිකරුවා ලෙස නොව භාරකරුවකු ලෙසයි. රජය සියලු වියදම් දරා ගන්නේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් හෝ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ලබන ලාභයෙනි. මෙහිදී ද එය එසේ ම ය. එහෙත් ජල කළම...

මහින්දගේ සැලැස්ම හා රනිල්ගේ සැලැස්ම අතර වෙනස | The difference between Mahinda's and Ranil's plans

Image
(2010 මැයි 16 -  W3Lanka )  2005 සිට 2010 දක්වා ආණ්ඩුව වැඩියෙන් ම කතා කළ වචන දෙකක් වූයේ මහින්ද හා චින්තනයි. 2010 අප්‍රේලයෙන් පසු මෙම වචන දෙක භාවිතයෙන් ඉවත් වී ඇති බව මාධ්‍ය සමීපව නිරීක්ෂණය කළහොත් දැන ගත හැකි වනු ඇත.  මහින්ද චින්තනයෙන් පොරොන්දු වූ දේශීය හෝ ජාතික ලෙස හැඳින්වුණ ආර්ථිකය වෙනුවට දැන් මහින්ද රාජපක්ෂ රජය විසින් අනුගමනය කරමින් සිටින්නේ ලෝක බැංකුව විසින් සකසා දෙන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලසුම බව අපි අවධාරණය කරමු. එහි ගුණාගුණ කුමක් වෙතත්, 2004දී එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර තිබුණ මෙම ගමන නැවැත්වීම සඳහා ජන වරමක් ලබා ගත් රජයට එය යළි ආරම්භ කිරීමට ඇති අයිතිය කුමක්ද යන ප්‍රශ්නය මතු වේ.  මහින්ද චින්තනය යටතේ වැරදි යයි කියූ බොහෝ දේ දැන් නැවත කරන්නට පටන් ගනිමින් ඇත. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කළ ආකාරය වැරැදි යයි කියූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැන් නැවත සූදානම් වෙමින් සිටින්නේ හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා දුන් තීන්දුව වෙනස් කරවා ගැනීමටයි. සරත් එන්. සිල්වා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආපසු රජයට පවරා ගන්නැයි දුන් තීන්දුව ආ...

ලෝක බැංකුවට පෙනෙන ලංකාවේ සිදු වන සංක්‍රාන්තිය කුමක්ද? | What transition is World Bank anticipating in Sri Lanka?

Image
(2010 මැයි 15 -  W3Lanka )  ඇමෙරිකානු ඩොලර් මිලියන 108 ක ආධාර ද රැගෙන ලෝක බැංකුව නැවත ලංකාවට අලුත් වටයකින් හොට දමා තිබේ. ඒ නිහඬව නොව දශක තුනක කාලයක් පැවැති යුද්ධය සම්පූර්ණයෙන් ම අවසන් කළ ශ්‍රී ලංකාව අද වන විට සංක්‍රාන්ති සමයකට පිවිස ඇතැයි ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්‍ෂිකා නඹකෝ ඉෂී කරන ප්‍රකාශයකුත් සමගයි. ඒ මොන සංක්‍රාන්තියක්දැයි සෙවිල්ලෙන් සිටීම ලාංකිකයන්ගේ ඇඟට ගුණ බව අපි දැනුම් දෙමු.  ලෝක බැංකුවේ ණය නිකුත් කිරීමේ අංශය වන අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් මේ ණය ආධාරය ලබා දී ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනය, උසස් අධ්‍යාපනය හා සංචාරක අංශයේ සංවර්ධනය වෙනුවෙන් බව දිනමිණ පවසයි. මේ ආධාර මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ප්‍රමාණයක් උතුරු හා නැඟෙනහිර පළාත් හි ප්‍රාදේශීය සේවා කටයුතු සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනේ. ඊට අමතරව සංචාරක අංශයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන්කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 18 කි. ලංකාව ලෝක බැංකුවත් සමග සමීප ම සම්බන්ධයක් පැවැත්වූ යුගයක් වන්නේ 2001 - 2004 රනිල් ...

ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු.

Image
අජිත් පැරකුම් ජයසිංහ මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි පොළවේ හැපෙමින් පළි දරමින් ද , 'ලංකාවේ මේ සිදු වන්නේ කුමක්ද?' මැයෙන් අප පෙබරවාරියේ ලියූ ලිපියක් පිළිබඳ අදහසක් ඒ වකවානුවේ සුමිත් චාමින්ද සහෝදරයා විසින් ලියන ලද විශ්ලේෂණයක ගැබ් විය. අප නූතන තත්වය විග්‍රහ කිරීම සඳහා භාවිතා කරන්නේ යල් පැන ගිය ආවුද බව හා ඒවා මගින් සිදු වෙමින් තිබෙන දෙය තේරුම් ගත නොහැකි බව මට මතක හැටියට ඔහුගේ ලිපියේ වූ එක් අදහසකි. මා ලියූ ලිපියේ එක් තැනක මම මෙසේ සටහන් තැබීමි. "මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි පොළවේ හැපෙමින් පළි දරමින් ද, අතිශය කෲර ලෙස පහර දෙමින් ද, මේ ඉල්ලා සිටින්නේ පශ්චාත් යුද කාලීන ලංකාවේ පාලනය සඳහා යුක්ති යුක්ත හිමිකමකි. එය ලබා දිය යුතු ය යන ස්ථාවරයේ ඉන්දියාව මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද සිටින බව පැහැදිලි ය. බටහිර ද එය දැඩිව ප්‍රශ්න කරන්නේ නැත. බටහිර ධනවාදයේ ඒජන්තයන් වන එජාපයට 'රට භාරයි නුඹට පුතේ' කියන්නට පෙර මහින්ද ලවා ම සුළු ජාතීන්ගේ අරගල හොඳින් හෝ නරකින් මර්දනය කිරීම, කම්කරු අරගල පාගා දැමීම, ජවිපෙ දිය කර දැමීම, ගැමි ගොවි පංතිය නාගරීකරණයට අභිමුඛ කිරීම, රාජ්‍ය අංශය විනාශයේ දොරටු...