නරේන්ද්‍ර මෝඩි හඳුනා ගන්න උත්සාහ කරමු
ළමා කල කර ගත් විවාහයක බිරිඳගෙන් වෙන්ව තනිකඩයකු ලෙස ජීවත් වන මෝඩි සිය 64වන උපන් දිනය දා මව සමග ඉන්දීය මහ මැතිවරණය නිමා විය. හින්දු මහ ජාතිවාදී භාරතීය ජනතා පක්ෂය අති විශාල ජයග්‍රහණයක් ලැබී ය. මතභේදයට තුඩු දුන් නමක් ඇති හින්දු ජාතිවාදියකු වන නරේන්ද්‍ර මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත ය. 1980දී පිහිටුවන ලද භාරතීය ජනතා පක්ෂය සැලකෙන්නේ රාශ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS) හෙවත් ජාතික දේශප්‍රේමී ස්වේච්ඡා සංවිධානය නම් ව්‍යාපාරයේ දේශපාලන අංශය ලෙසයි. 1925දී පිහිටුවන ලද RSS යනු අන්තවාදී දක්ෂිණාංශික හින්දු ජාතිකවාදී සංවිධානයකි. එය මුල සිට ම මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී සංවිධානයක් විය. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමේ ඉතිහාසයක් ඇති RSS සංවිධානය කීප වරක් ම තහනමට ලක් වූවකි. මහත්මා ගාන්ධි ඝාතනය කළ නතුරාම් ගොඩ්සේ ද කලින් RSS සාමාජිකයෙකි. භාරතීය ජනතා පක්ෂයේ මුල් ඇත්තේ 1951දී පිහිටුවන ලද සංවිධානයක් වන භාරතීය ජන සංඝයේ ය. 1977 මැතිවරණයේදී ඉන්දිරා ගාන්ධි පැරදවීම අරමුණු කර ගත් තවත් පක්ෂ කීපයක් සමග එක්ව ජනතා පක්ෂය පිහිටුවීමට භාරතීය ජන සංඝය මුල් වූයේ ය. 1977දී ඉන්දිරා ගාන...