සිංහල, දෙමළ සමාජයන් අතර බර්ලින් ප්‍රකාරය බිඳීම හා මොහොමඩ් රාසුක්ගේ පරිවර්තන
( 2010 අගෝස්තු 23, W3Lanka ) මොහොමඩ් රාසුක් බොහෝ සිංහලයන්ට වඩා හොඳින් සිංහල බස දත් මුස්ලිම් මිනිසෙකි. කෑගලු දිස්ත්‍රික්කයේ දෙමළ බස කතා කරන මුස්ලිම් ගම්වැසියකු වූ හේ සිංහල බස ඉගෙන ගත්තේ තනිවම ය. ඔහු පරිවර්තන කලාවට එක් වූයේ මීට දශක ගණනාවකට පෙරයි. වින්සන්ට් කුරුඹාපිටිය සංස්කරණය කළ විවරණ සඟරාවේ ඔහුගේ මුල් සාහිත්‍ය පරිවර්තන පළ විය. මුල් යුගයේ ඔහු දෙමළ සාහිත්‍යය පරිවර්තනය කළේ අබේවංශ දේවප්‍රිය සමග එක්වයි. දැන් ඔහු මේ දෙබස අතර පරිවර්තනයේ හසළයෙකි. මහාචාර්ය සුචරිත ගම්ලත්ට අනුව නම් ඔහු ද මෙවලම් පරිවර්තකයෙකු විය හැකි ය. මක් නිසා ද යත්, සුචරිත ගම්ලත් ශූරීන්ට අනුව ලංකාවේ සිටින්නේ පරිවර්තකයන් දෙදෙනෙකු පමණක් වන බැවිනි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ බැද්දේගම සිංහලට නැඟූ ඒ.පී. ගුණරත්නයි. ඔහුට අනුව, අනෙක් උතුමා නම් 'සුචරිත ගම්ලත් වන මේ මම ම ය.' කෙසේ වෙතත්, සිංහල හා දෙමළ භාෂාන්තර පරිවර්තනය සඳහා අද වන විට මෙවලම් පරිවර්තකයින් හෝ අවශ්‍යව තිබේ. මක් නිසා ද යත්, සිංහලයාගේ ජාත්‍යන්තරවාදයේ ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ ලංකාවේ දෙමළ කතා කරන මිනිසුන්ගේ හදවත් හඳුනා ගැනීම වන හෙයිනි. ...