Posts

Showing posts with the label මෛත්‍රී

නූපන් මෙතේ බුදුන්ටත් බිස්නස්වලින් ගැලවුමක් නැත |

Image
බුදුරුවගල (ස්තුතියි: ලක්දසුන් වෙබ් අඩවිය) ( 2010 සැප්තැම්බර් 05,  W3Lanka )  බුදු දහම විකුණාගෙන කන අසපු හිමියන් විසින් දැන් අලුත් ආගමික පූජාවක් පරීක්ෂණ මට්ටමින් දියත් කර තිබේ. ඒ වනාහි මෛත්‍රී බෝසතුන්ට පූජා පැවැත්වීමයි. කලින් කලට නිර්මානාත්මක ආගමික ව්‍යාපාරිකයන් විසින් හඳුන්වා දෙන ලද බෝධි පූජා, පහන් පූජා, අධිෂ්ඨාන පූජා, අටවිසි බුද්ධ පූජා, තෙසැත්තෑ ඥාන පූජා ආදී වූ ලැයිස්තුවට මෙම පූජාව ද එක් වනු ඇත. බුදුන් දෙසූ දහම පිළිපැදීමට ජනයා පෙළඹවීමට වඩා යම් යම් අභිචාරයන් ප්‍රවර්ධනය කිරීම හා ඒ හරහා ධනෝපායන මාර්ග විවෘත කර ගැනීම අරමුණු කර ගත් පිරිසක් මතු වී ඇති අතර මෙවැනි ඇතැම්  ව්‍යාපාරිකයෝ තමන් මෛත්‍රී බෝසතුන් බව ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ පවසති. ගෞතම බුදුන් දෙසූ දහම අනුගමනය නො කර, ගස්-ගල් වන්දනාව පතුරුවන, යුද්ධයට, චෞරයන්ට ආවඩන, වෛරය පතුරුවන, බුදු හිමියන් විසින් ‍බහුජන හිත සුව පිණිස ධර්ම ප්‍රචාරය කරනු වස් පිහිටුවන ලද භික්ෂු සංඝයේ මූලික විනය පිටුදකිමින් කාමසුඛල්ලිකානුයෝගී ව  දිවි ගෙවන ආතමික ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයෙන් නුපන් මෛත්‍රී බුදුන්ටවත් ගැලවීමක් නොමැත. අන්...