විමල් බනින්න සුසිල් තෝරා ගනියි | Wimal Weerawansa finds a scapegoat to pass the blame
(2010 අප්‍රේල් 22 - W3Lanka ) ජනාධිපතිතුමා හොඳ ය. නරක එතුමා වටේ සිටින අයයි. එහෙත්, වටේ සිටින රාජපක්ෂ පවුලේ අයත් හොඳ ය. නරක රාජපක්ෂ පවුලේ අය නොවන වටේ සිටින සෙසු අයයි. මේ අය කරන නරක ජනාධිපතිතුමා දන්නේ නැත. දන්නවා නම් එවැනි දේ කරන්නට දෙන්නේ නැත. එතුමා සමග කතා කළ විට ප්‍රශ්න ඉබේ ම බේරුම් වේ. එතුමා සමග කතා කළ විට ප්‍රශ්න බේරුම් නොවුණත් කම් නැතැයි සිතේ. වටේ ඉන්න රාජපක්ෂලා නොවන අනෙක් හෙංචයියෝ කිච වෙති. එය ම මදැයි! මුසම්මිල්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් නොදීම ගැන විමල් වීරවංශ පෙරමුණේ නායක විමල් වීරවංශ බනින්නට කෙනෙකු සොයාගෙන තිබේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්, අනේ පව්, සුසිල් ප්‍රේමජයන්තයි. මේ ඔක්කොට ම වැරදිකාරයා සුසිල් ප්‍රේමජයන්තයි. ‘‘මහ මැතිවරණයට පෙර ජාතික ලැයිස්තුවට ජාතික නිදහස් පෙරමුණේ දෙදෙනෙකු ඇතුළත් කළා. ඒ දෙන්නටම මන්ත‍්‍රීකම් දෙන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය එකග වුණා. කලින් කිව්ව නම් අපට දෙන්න පුළුවන් එකයි කියල එහෙනම් අපි ලැයිස්තුවට එක් අයෙක් දාල අනිත් කෙනා තරගයට දානවා. පහුගිය විසි වෙනිදා රෑ බැසිල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රම්ජයන්ත, ඩලස් අලහප්පෙරුම...