Posts

Showing posts with the label මුදියන්සේ දිසානායක

ඩාන්සින් තරු හා නැටුමේ සුන්දරත්වය

Image
(2009 ජුලි 29 - W3Lanka) "ප‍්‍රවීණ ප‍්‍රාසාංගික කලාකරුවෙකු වන මයිකල් ජැක්සන් ආරම්භ කළ නර්තන ශෛලිය, ඉතා විදග්ධ නර්තන ශෛලියක් දක්වා නූතනයේ දියුණු වී තිබෙනවා. බෝල්රූම්, හිපොප්, චාචා වැනි විදේශීය නර්තන ශෛලීන් ද තිබෙනවා. නමුත් ලෝකයේ කිසිදු රටක කිසිසේත්ම ගණන් නොගන්නා, කිසිදු නර්තන සම්ප‍්‍රදායකට අයත් නොවන චලනයන් සහිත දැගලිලි තමයි අපේ රටේ නර්තනය කියා මිනිස්සු රවටන්න නාලිකා පාවිච්චි කරන්නේ. අඩුම තරමේ මේවා විනිශ්චයට යන අයත් විදේශීය නර්තන නොව දේශීය නර්තනය පිළිබඳවත් නොදන්නාකම තවත් හාස්‍යයට කරුණක් මෙන් ම මෙරට නර්තන කලාවේ බරපතල ඛේදවාචකයක්" යයි සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක පෙරඹර වෙබ් අඩවිය‍ට පවසා තිබේ.  රූපවාහිනී නාලිකා විසින් කලාකරුවන්ට මුදල් නොගෙවා නොමිළේ වැඩ සටහන් සකසා ගැනීම පිණිස අලුතෙන්ම සොයාගෙන තිබෙන ක්‍රමවේදය වන 'සටාර්' වැඩසටහන්වල නර්තනය සඳහා වෙන් වූ අංශයක් ද තිබේ.  යෞවනයන්ට දී තිබෙන 'සුපිරි තරු' හීනය රූපවාහිනී චැනල්වලට කෙතරම් ලාභදායීද යත්, එම වැඩසටහන් සඳහා අවශ්‍ය බොහෝ වියදම් දරා ගන්නේ මෙම 'ත...