Posts

Showing posts with the label මුදල්

කිළිටි 'දෙයියන්ගෙ මල්ලි'

ලංකාවේ භාවිතා වන කිළිටි මුදල් සංසරණයෙන් ඉවත් කිරීමට මහ බැංකුව සැරසේ.  එහෙත්, එය කරන්නට යන්නේ අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමෙන් මිස තිළිටි මුදල් ආපසු එකතු කරගෙන විනාශ කිරීමෙන් නම් නො වේ. ඒ නිසා අලුත් මුදල් නෝට්ටු ආවත්, පරණ මුදල් නෝට්ටු ද එලෙස ම භාවිතයේ තිබෙනු ඇත.  මේ කිළිටි මුදල් නෝට්ටු අතරින් බහුතරය රු. 10, 20, 50 නෝට්ටු ය. ඒවා බැංකු හරහා එකතු  කර ගත ‍නො හැකි ය. මන්ද, ඒවා බැංකු වෙත පැමිණෙන්නේ නැති තරම් ය. ඒවා ඇත්තේ සිල්ලර වෙළඳපොළේ ය.  ලංකාවේ මිනිස්සු මුදල් නෝට්ටු පරිහරණය කරන්නේ අපිරිසිදු අන්දමට ය. බස් කොන්දොස්තරලා වැනි අය ඇතැම් විට මුදල් නෝට්ටු දෙතොල් අතර පවා රඳවා ගනිති. මාළු විකුණන්නෝ මාළු ලේ ආදිය සමග ම ඒවා  අල්ලති.  කිළිටි මුදල් අත පත ගාන මුදලාලිලා හා කඩ සේවකයෝ ඒ අතින් ම ආහාර ද්‍රව්‍ය ද අතපත ගාති.  බැංකු කවුන්ටරවල සේවය කරන අය ද සෑහෙන්න කිළිටි මුදල් අත ගාති.  කිළිටි මුදල් විෂබීජ පැතිරෙන ප්‍රධාන මාර්ගයකි. ඒති කිළිටි වුණත් සල්ලි දෙයියන්ගේ මල්ලි නිසා කවුරුත් ඒවා වැළඳ ගනිති.  මුදල් නෝට්ටුවට ඇති විකල්පය ක්‍රෙඩිට් කාඩ් ය. එහෙත්...

දේශප්‍රේමියෝ චීන්නු ඉන්න මහින්දගේ සල්ලි කොළේ හොරෙන් අච්චු ගසති

Image
(2010 ජනවාරි 02 -W3Lanka) ජනාධිපතිවරණය සමයේ මහජන මුදලින් අතිරේක ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා මුද්‍රණය කරන ලද අලුත් රුපියල් දාහේ නෝට්ටුවලට සමාන හොර නෝට්ටු මුද්‍රණය කළ තරුණ 'දේශප්‍රේමීන්' පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයන්ගේ ක්‍රියාව සෑම අතකින් ම මුදල් ඇමති වන ජනාධිපතිගේ හා මහ බැංකුවේ ක්‍රියාකලාපයන්ට සමපාත වන බැවින් ඔවුන් පමණක් අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත ද යන ප්‍රශ්නය මතු වේ. මෙම මුදල් ‍නෝට්ටුව හොරට මුද්‍රණය කිරීමෙන් පවා අමතර ප්‍රචාරයක් ලැබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂටයි. එසේ ම, මෙම කාර්යය මෙහෙයවූ තරුණයා පවසා ඇත්තේ තමන් විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රචාරක නියෝජිතායතනයකට වැඩ නැති නිසා එය පවත්වාගෙන යාමට මුදල් අච්චු ගැසූ බවයි. ඉතින් මහ බැංකුව කරන්නේ ද මෙම කාර්යයට සමාන එකකි. එනම් රටට ලැබෙන ආදායම මදි නිසා සල්ලි අච්චු ගසා මුදල් වැඩි කිරීමයි. මේ මුදල් නෝට්ටුව ගැන තවත් කරුණක් කිව යුතු ය. මෙය නිකුත් කර තිබෙන්නේ රණවිරුවන්ට උපහාර පිණිස යැයි කීවත් මෙහි රූපයේ සිටින රණ විරුවෝ ලංකාවේ වැසියෝ නම් නො වෙති. එකෙක් ඉතා පැහැදිලි ලෙස ම මොංගෝලයිඩ් පෙනුම ඇත්තෝ ය. සමහර විට මේ චී...