රාජ්‍ය මාධ්‍ය සඳහා නිසි බලධාරියෙකු වහාම පත්කරන්න -එක්සත් ජාතික පෙරමුණ
(2009 දෙසැම්බර් 04 - W3Lanka ) ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මාධ්‍යයේ සමබරතාව සහතික කරනු සඳහා එම ආයතනවල මාධ්‍ය කටයුතු පිළිබඳව විමසිලිමත් වීම පිණිස නිසි බලධාරියෙකු වහාම පත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටී. මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවන එක්සත් ජාතික පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර, පසුගිය දින කිහිපය තුළ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනි සේවය ජනරාල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රකාශ අමු අමුවේ විකෘති කර ඇති බව සඳහන් කරයි. මේ පිළිබඳ මීඩියා වොච් ආයතනයේ මාධ්‍ය ප‍්‍රකාශක ශිරාල් ලක්තිලක විසින් පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ. , මෙතෙක් පැවති සෑම මැතිවරණයකදී මෙන්ම එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන්ද රාජ්‍ය මාධ්‍ය සිය සුපුරුදු පන්දම් පෙළපාලිය කිසිදු හිරිකිතයකින් තොරව ආරම්භ කර ඇත. මැතිවරණ සමයකදී රාජ්‍ය මාධ්‍ය මනා සංයමයකින් යුතුව කි‍්‍රයා කළ යුතු වන්නේ මේවා මහජන මුදලින් නඩත්තු කෙරෙන ආයතන නිසාය. සදාචාරාත්මක නූවද, රාජ්‍ය මාධ්‍ය ආයතන ආණ්ඩුවට කිසියම් විශේෂ අනුග‍්‍රහයක් පමණක් දක්වනවානම් එය අපට තේරුම් ගත හැකිය. එහ...