හිරුනම් ගුටි තමයි
පසුගිය දිනෙක නාන්නට නාන කාමරයට ගොස් සිටියදී පිටත දුරකථනය නාද වනු ඇසිණි. මගේ බිරිඳ ගෙනැවිත් දුනු එය කණට ගත් විට එහා පැත්තෙන් ඇහුවේ "මහත්තයාගේ නම මොකක්ද?" කියා ය. මඳක් කෝපයට පත් වුණු මම "දැන් ඔයානේ කෝල් එක ගත්තේ, ඔයාට කාටද කතා කරන්න ඕනෑ?" යි ඇසීමි. "මට මහත්තයට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?" "ඔව්, කියන්න." "මහත්තය රේඩියෝ අහනවද?" "මට වෙලාවක් නැහැ. වයිෆ් උදේට උයන අතරෙ ස්වදේශීය සේවය දානවා. මටත් ඇහෙනවා." "වෙන රේඩියෝ චැනල් අහන්නේ නැද්ද?" "නැහැ, එච්චර කැමැත්තක් නැහැ." "බොහොම කණගාටුයි, අපි හිරු එෆ්. එම්. රේඩියෝ එකෙන් කතා කළේ. මහත්තය හිරු අහනව කීවා නම් අපි රු. 5000ක් දෙනවා. මහත්තයට ඒක අහිමි වෙනවා." "කමක් නැහැ." දුරකථනය තැබූ මුත්, මට එවේලේ කියන්නට තිබූ දෙයක් මතක් විය. ආපසු එම දුරකථන අංකය උත්සාහ කළ මුත් එය කාර්ය බහුල විය. මට කියන්නට ඕනෑ වුණේ රු. 10,000ක් දුන්නත් මම නම් ඔය රේඩියෝ එක අහන්නේ නැහැ කියා ය. දැන් අහන අයට සල්ලි බෙදන බවට ප්‍රචාරය කරන රේඩියෝ නාලිකා ගණනාව...