Posts

Showing posts with the label මිගෙට්ටුවත්තේ ගුණානන්ද

මිගෙට්ටුවත්තේ ගුණානන්ද, මිගෙට්ටුවත්තේ සුමිත්ත හා ජනමාධ්‍ය

Image
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ පානදුරේ වාදය නිසා ප්‍රසිද්ධ වූහ. සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිපාණන් ප්‍රසිද්ධ වී ඇත්තේ පාතාල නායකයෙකු ලෙස ය. උන් වහන්සේ (ජනමාධ්‍ය එහිමියන් හඳුන්වන්නේ භික්ෂුව, චීවරධාරියා, සැකකරු ආදිය කියා ය) නීතිය ඉදිරියේ වරදකරු බව ඔප්පු වී නැත. කළා යයි කයන්නේ ද මංකොල්ල, මිනීමැරීම් මෙහෙයවීම නොව, පාතාල අපරාධකරුවන් යයි කියන අයට රැකවරණ සැපයීමයි. ජනමාධ්‍ය අනුව ලංකාවේ පාතාල අපරාධකරුවන්ට රැකවරණ සැපයූ පළමු හා එකම පුද්ගලයා මොහු ය කියා සිතේ. එතකොට ජූලම්පිටියේ අමරේට වසර ගණනක් තිස්සේ රැකවරණ දුන්නේ මුන් වහන්සේ නොවේ නම් කොයි ගොන් වහන්සේ ද? අද ජනමාධ්‍ය විසින් සිදු කරමින් සිටින කාර්යය හඳුනා ගැනීමට සිංහලයන්ට අවශ්‍ය නම් මිගෙට්ටුවත්තේ සුමින්ද හිමියන් සම්බන්ධයෙන් සිදු වන මාධ්‍ය ප්‍රචාරය ඔස්සේ එය හඳුනා ගැනීමට පුළුවන. මන්ද මේ හාමුදුරුවන්ට ද ඇප පිට නිදහස් වී පැමිණි පසු තමන් පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. එය සිංහලයකු වීම නිසා හා භික්ෂුවක වීම නිසා ඔහුට ලැබෙන අවස්ථාවකි. ඔහුට ඕනෑ නම් ජනමාධ්‍යකරුවන් කීපදෙනෙකු...