Posts

Showing posts with the label මැලේසියා

මැලේසියානු පුවත්පතක් සුනාමියෙන් බැට කෑ ජපානයට ඔච්චම් කර සමාව ගනියි

Image
(2011 මාර්තු 15, W3Lanka ) බලවතකු විපතට පත් වනු දැක සතුටු වීම දුබලයාගේ තවත් දුබලකමකි.  මෙහි පළ වන කාටුනය මැලේසියාවේ බෙරිටා හරියාන් ඉරිදා පුවත්පතේ පළ විය. එහි නිරූපණය වන්නේ ජනප්‍රිය ජපන් සංකේතයක් වන අල්ට්‍රා මෑන් කාටුන් චරිතය සුනාමියට බියේ දුවන ආකාරයයි.  මෙම කාටුනයත් සමග වහා ක්‍රියාත්මක වූ මැලේසියාවේ අන්තර්ජාල ප්‍රජාව ෆේස්බුක් ට්විටර් ආදිය හරහා ගෙන ගිය විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස පුවත්පතට එම කාටුනය පිළිබඳව සමාව අයදින්නට සිදු විය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න