Posts

Showing posts with the label මැනුවෙල් සෙලායා

හොන්ඩියුරාස්හි ජනාධිපතිවරණය හා බලයෙන් පහ කළ සෙලායා

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka )  හොන්ඩියුරාස් ජනාධිපතිවරණය මේ මාසයේ පැවැත්වීමට නියමිත ය. එහෙත් ඉන් කවුරු ජය ගත්ත ද ලෝකය එම ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය පිළි ගන්නා බවක් දක්නට නැත. එයට හේතුව බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනාධිපති මැනුවෙල් සෙලායා සහ රජය අතර සාකච්ඡා සම්මුතියකින් තොරව බිඳ වැටීම හා රජය සෙලායා සමග සාකච්ඡා  ප‍්‍රතික්ෂේප කිරීමයි. ජනවාරි දක්වා බලයේ සිටීමට වරම් ඇති හිටපු ජනාධිපති සෙලායාව බලයෙන් පහ කරනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදී ය. හොන්ඩියුරාස් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට බලයේ සිටීමට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැත. එතරම් වැඩක් කිරීමට නොහැකිව අවසන් වන සිය ධුර කාලය දික් කර ගැනීමේ ප‍්‍රතිසංස්කරණ කෙරෙහි සෙලායාගේ අවධානය යොමු වන්නේ මෙම සංදර්භය තුළයි. සෙලායා මෙම නීති වෙනස් කර දෙවන වරට ජනාධිපති වීම පිණිස මැතිවරණය තරග කිරීමට හැකි වන පරිදි ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරමින් සිටියදී එරට පාර්ලිමේන්තුව හෙවත් කොංග‍්‍රසය ඔහු ඉවත් කිරීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගත්තේ ය. ඉන් පසුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව අනුමත කළ අතර, හමුදාව ඔහු රටින් පිටුවහල් කිරීමට පියවර ගත්තේ ය. සැප්තැම්බරයේ යළි සිය...