ධනවාදය යනු කුමක්ද? - බ්ලොග් අවකාශයේ ධනවාදී පකීර්ලාගේ දැනගැනීම පිණිසයි
සිංහල බ්ලොග් අවකාශයේ අලුත් ධනවාදීන් පිරිසක් රංගනය ආරම්භ කර තිබේ. ධනවාදය ගැන අපි මීට ඉහතදී ලාංකීය බ්ලොග් අවකාශයේ මහෞෂධ වන්නට උත්සාහ කරමින් සිට හිටිහැටියේ සිය බ්ලොග් අඩවියත් මකාගෙන අතුරුදහන් වූ ටැබූ සබ්ජෙක්ට්ස් සමග දීර්ඝ ලෙස සංවාද කළෙමු. සිංහල බ්ලොග්කරණයේ නවකයන් වූ අලුත් ධනවාදී පකීර්ලාගේ (fakir) දැනගැනීම පිණිස පැරණි සටහන් කීපයකින් උපුටාගත් කොටස් කීපයක් මෙසේ පළකරමු. අපි සංවාද කරමු. ධනවාදය යනු ක්‍රියාවලියක් මිස දෘෂ්ටිවාදීමය සුරුවමක් නොවන බව W3Lankaහි අප විසින් නැවත පළ කරනලද රාමචන්ද්‍රගේ අදහස් පළකිරීමක දැක්විණි. එහි මෙසේ සටහන් විය. "ධනවාදීන් අමෙරිකාවේ තියෙන්නෙ ධනවාදයක් කියල බොහොම සන්තෝසෙන් කියනවා.නමුත් ලංකාවේ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවම ලංකාවේ ධනවාදීහු කොරවෙලා වැල්වටාරම් කියනවා. "ලංකාවෙ තියෙන්නෙ අමෙරිකානු පන්නයේ ධනවාදයක් නෙමෙයි තමයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාව වගේ රටවල තියෙන්නෙ පසුගාමී පන්නයේ ධනවාදයක්.මේකත් ධනවාදයේ තවත් 'වර්ෂන්' එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්ථිකයක්වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි. "(ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එ...