Posts

Showing posts with the label මාලිනී ෆොන්සේකා

සන්ධ්‍යා රානිට තවත් සම්මානයක්

Image
(2009 නොවැම්බර් 15 - W3Lanka ) ආකාස කුසුම් චිත්‍රපටයේ සන්ධ්‍යා රානිගේ චරිතය රඟපෑම වෙනුවෙන් මාලිනි ‍ෆොන්සේකාට ඉතාලියේ ලෙවන්ටේ ජාත්‍යන්තර සිනමා උළෙලෙහිදී හොඳ ම නිළිය සඳහා වන සම්මානය ලැබී තිබේ.  දකුණු ඉතාලියේ ස්වාධීන සිනමා උළෙලක් වන ලෙවන්ටේ ජාත්‍යන්තර සිනමා උළෙල මෙවර පැවැත්වුණේ හත්වන වතාවටයි.  මීට පෙර මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මාලිනී ෆොන්සේකාට ඉන්දියාව විසින් පිරිනමනු ලබන රජත මයුර සම්මානය හිමි විය. 

සමාව දෙන්න පුළුවන් තරමේ වැරැද්දක් ඉතිරි වී ඇත්නම්, ඒක මුළු ලංකාවම නොදන්නා වැරැද්දක් විය යුතුයි.....ආකාස කුසුම්

Image
ප්‍රදීප් ජයරත්න ( X කණ්ඩායම)    "සමාව" ඕන කරන වැරැද්දක් හොයා ගන්න පුළුවන් නම්, "ජීවිතය" ආයෙත් පටන් ගන්න පුළුවන්. සමාව ලැඛෙනවද නැද්ද කියන එක එච්චරම වැදගත් නැහැ. උවමනා වෙන්නේ, සමාව දීම-නොදීම කියන සීමාවේ තියෙන, ඒ ගැන බලාපොරොත්තුවක් රඳවාගන්න පුළුවන් වැරැද්දක් විතරයි. එතන ඉඳන් වැරදි, නිවැරදි කරගැනීමේ මාර්ගය දිගේ අලූත් ගමනක් පටන් ගත්තම, ඒක ඇත්තටම ජීවිතයට අලූත් චලනයක් එකතු කරනවා. ආකාස කුසුම: මාලිනීට එවැනි වැරැද්දක් චිත්‍රපටයේදී හමුවීම ලොකු අස්වැසිල්ලක් වුනා. ඉතිං එයා තමන්ගේ දුවගේ දුව තුරුළු කරගෙන ඉන්න ගමන්, පුංචි මාලිනීගෙන් (දිල්හානිගෙන්) අහනවා, "මෙයා මට සමාව දෙයිද?˜ කියලා. පුංචි මාලිනී, "ඔව්˜, "හ්ම්˜ වගේ සංඥා කරමින් හිස සොලවනවා. ඒත් පුංචි මාලිනී තාමත් ඉන්නේ සමාව දීම හෝ නොදීම කියන සීමාවට අයත් නැති තැනක. ඉතිං ඒ හරියෙන් වැරැද්දක් හොයා ගන්න එක ලේසි නෑ. ඒ හින්දම විඳීමේ ආරම්භයයි, විඳවීමේ ආරම්භයයි මුල ඉඳලම එකම තැනක. පුදුමයකට වාගේ, සමාව දෙන-නොදෙන සීමාවට ඔබ්ඛෙන් තියෙන, සමහර විට තමන්ගේ ජීවිතයට සම්බන්ධයක් පවා නැති සියල්ල ගැන මුළු ලංකාවම දන්නවා. චිත්‍රපටයේ දෙබසකි...

මාලිනීට ගැලරියෙන් අපූරු සම්මානයක්

Image
ආකාස කුසුම් රිදී තිරයට; මාලිනීගේ රන් නෙළුම සොරුන්ට (2009 අගෝස්තු 28 - W3Lanka) හෙළ නිළි රැජින ලෙස හැඳින්වෙන මාලිනී ෆොන්සේකා ඇය ප්‍රධාන චරිතය රඟපාන ආකාස කුසුම් චිත්‍රපටයේ දර්ශනයක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරවාරේ ඇගේ මාලබේ නිවසට ඇතුල් වූ සොර පිරිසක් එයා දැන් ලොකු ළමයෙක්‌ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මොස්‌කව් සම්මාන උළෙලේදී සම්මාන ලබාගැනීම හේතුවෙන් මෙරට චිත්‍රපට නිෂ්පාදකයන් ඇයට තිළිණ කරන ලද රන් නෙළුම් මලක්‌ ඇතුළු රු. ලක්ෂ දහයක් පමණ වටිනා මුදල් හා භාණ්ඩ සොරකම් කරගෙන ගොස් තිබේ.