Posts

Showing posts with the label මාර්ග නීති

අපට දඩ ගසන්න. එවිට අපි නිති රකින්නෙමු

Image
(2010 ජුලි 18,  W3Lanka )  වැරදි තැන්වලින් පාර මාරු වී අසු වූ සියයක් දෙනා මහනුවර පොලිසිය විසින් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රු. 750 බැගින් දඩ නියම කරන ලදී.  අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අඩු තරමේ මිනිසුන්ට පාරේ යන්නට හෝ ඉගැන්වීමට අසමත් වීම අතිශය කණගාටුදායක තත්වයකි.  පදික වේදිකා නැති පාරක පයින් යන විට එසේ කළ යුත්තේ දකුණු පැත්තෙන්  පැත්තෙන් බව ද, එය අන් සියල්ලට ම වඩා තම ආරක්ෂාවට හිතකර බව ද ලංකාවේ බොහෝ දෙනා දන්නේ නැත. පාරේ වැරදි පැත්තෙන් පයින් යන විට වාහනයක් ඇඟ ළඟින් ගියොත් බැන වදින්නේ ඒ නිසා ය.  පාර හරහා යන විට යටි බිම් මගක් හෝ ගුවන් පාලමක් ඇත්නම් එය පාවිච්චි කළ යුතු බව ලාංකිකයන් බොහෝ දෙනෙක් නො තකති. බොහෝ ගැහැනු හා පිරිමි කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් වාහනවල හැප්පි, හැප්පී පාරවල් පනින්නේ හදිස්සියටත් වඩා පාලම නගින්නට ඇති අලසකම නිසා ය.  පිටකොටුව බෝ ගස ඇතුළු තවත් තැන් කීපයක් අසල පාර මාරු වන ස්ථානවලට මාර්ග සංඥා එළි යොදවා තිබේ. එහෙත්, පාර හරහා යන පදිකයෝ වැඩි දෙනෙක් රතු එළි දැල්වී තිබියදීත් පාර පනිමින් වාහන රියදුරන්ට බනිති. කහ ඉර දුටු ගමන...