Posts

Showing posts with the label මානසික රෝග

වැසිකිළියේ හැංගුණ ළමයා හා අපි

Image
පහත පළ වන්නේ මේ දිනවල ජනප්‍රිය පුවතක්. කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් නිල ඇඳුමින් පොල්ගහවෙල පාසලක කාන්තා වැසිකිළියක කුරුණෑගල - අජන්ත බණ්ඩාර රත්නායක පොල්ගහවෙල ප්‍රසිද්ධ පාසලක කාන්තා වැසිකිළියක් තුළ සිටියදී අල්ලා ගනු ලැබූ බව කියන කොළඹ ජනප්‍රිය විද්‍යාලයක ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකු පෙරේදා (24දා) පොල්ගහවෙල පොලිසියට භාර දී තිබේ. මීට පෙර අවස්ථාවකදී පොල්ගහවෙල පාසලේ කාන්තා වැසිකිළියක් තුළ සිටි නිරුවත් පුද්ගලයකු සිසුවියන් බියගන්වා පලාගිය බවටත්, තවත් අවස්ථාවකදී එම පාසලේ කාන්තා නේවාසිකාගාරය අසල නිරුවත් පුද්ගලයකු සැරිසරමින් සිටි බවටත් වාර්තා වීම නිසා වඩාත් විමසිලිමත්වී ඇති එම විද්‍යාලයේ ගුරුවරුන්ට පෙරේදා උදෑසන පාසල් නිල ඇඳුමෙන් සැරසී කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි මෙම සිසුවා අල්ලාගැනීමට හැකි වී තිබේ. අල්ලාගත් සිසුවාගෙන් පාසල් විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර සිදුවීම්වලදීත් පැන දිව්වේ තමා බවට පාපෝච්චාරණය කර ඇතැයිද 'මව්බිම'ට වාර්තා වෙයි. සිසුවාගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී තමා කොළඹ ජනප්‍රිය විද්‍යාලයක වාණිජ විෂය ධාරාවෙන...

සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුට ම මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රටක ජීවත් වීම | Living among a people every fifth man needs mental therapy

Image
( 2010 ඔක්තෝබර් 11,  W3Lanka )  සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇති පරිදි මෙරට ජනගහනයෙන් ලක්ෂ 40 ක් පමණ දෙනා කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව ද, එම පිරිසෙනුත් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් අධි මානසික රෝගවලින් පෙළෙන බව ද,ලක්ෂ 40 ක් පමණ වූ මානසික රෝගීන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සිදුකරන්නේ සියයට 40 ක් පමණ දෙනා බව ද, ඉතිරි සියයට 60 දෙනා ම ප්‍රතිකාර නොගනිමින් සිටීම බරපතළ ගැටලුවක් බව ද ඇතැම් පුද්ගලයන් මානසික රෝගයක් සෑදීම රහසක් ලෙස තබාගෙන සිටීමත්, නොදැනුවත්භාවයත්, සමාජයේ අගෞරවයට ලක් වේය යන හේතුන් නිසාත් ඇතැම් අය මේ රෝගයට ප්‍රතිකාර ගැනීමට මැලි වන්නේ යැයි ද ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් පැවැත් වූ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනයට සහභාගි වෙමින් කොළඹ ජාතික කලාභවනේදී සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (10 දා) ප්‍රකාශ කෙළේය. මේ කතාවට ඌන පූරණයක් කළ යුතු ය. ලංකාවේ සමාජය මානසික රෝග පිළිබඳව දන්නේ ඉතා අඩුවෙනි. පාරේ යන පිස්සු ගැහැනියක අවුස්සා ඇයට ගල් ගසන දර්ශන නාගරික ත්‍රිරෝද රථ ගාල් ආදිය ආසන්නයේ සුලබ ය. ඒ එක පැත්තකි. එහෙත්, අනෙක් පැත්තෙන් ලංකාවේ සමාජය ම...