Posts

Showing posts with the label මාධ්‍ය සාක්ෂරතාව

හසන්ත මහත්තයා දඩිබිඩිස් වන සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍ය සාක්ෂරතාව

Image
ඒ කාලෙ ඉවරයි චතුර  සාක්ෂරතාව සරළව කිව්වොත් අකුරු හැකියාවයි. වර්තමානයේදී අපි මාධ්‍ය සාක්ෂරතාව ගැනත් කතා කරනවා. මොකක්ද මේ මාධ්‍ය සාක්ෂරතාව? ඇයි අපට එය අවශ්‍ය? නූතන සමාජය කියන්නේ මාධ්‍ය සමාජයක්. එහි ජීවිතය හා මාධ්‍ය අතර ඇත්තේ කිසි සේත් වෙන් කළ නො හැකි තරමේ දැඩි සම්බන්ධයක්. මාධ්‍ය නූතන මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයක්. එය හැම තැනම තිබෙනවා. හැම දේකට ම සම්බන්ධ වෙනවා. සම්බන්ධ නො වන්නේ කුමකට ද කියන එක තමයි හිතා ගන්නට බැරි.  මාධ්‍ය කියන්නේ වෙළඳපොළක්. එය පවතින්නේ වෙළඳපොළ ඉල්ලුම සැපයුම න්‍යාය තුළ. මූලිකව මාධ්‍ය පවත්වාගෙන යන්නට නම් සන්නිවේදකයන් හා ග්‍රාහකයන් සිටිය යුතුයි. එහෙම නැතිව මාධ්‍ය විතරක් තිබිලා වැඩක් නැහැ. ඒවා පවතින්නේත් නැහැ. ඒත්, මාධ්‍ය මේ වෙළඳපොළේ හැසිරෙන්නේ කොහොමද කියන එක ජනතාව දැන ගත යුතුයි. මන්ද, වෙළඳපොළ විසින් මාධ්‍ය ඉතා භයානක ලෙස හසුරුවනු ලබනවා. ඒ වගේම, මාධ්‍යත් වෙළඳපොළ හසුරුවනවා.  කෙටියෙන් කියනවා නම්, නූතන මාධ්‍ය සමාජයේ ජීවත් වන එක හරියට ඔලුව කන පණුවන් ගොඩක් මැද මොළේ බේරාගෙන ජීවත් වෙනවා වගේ වැඩක්.  සාමාන්‍ය මාධ්‍ය ග්‍රාහකයන්ට මාධ්‍ය ලෝකයේ සිදු...