විකල්ප පුවත්පත්කලාව යනු මාධ්‍ය සංවිධානවලට හා දේශපාලන ව්‍යාපෘතිවලට කඩේ යාම නොවේ
(2010 අගෝස්තු 01, W3Lanka ) සියතට ද ගහන ලදී. එවිට ද මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව කියන රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පතාක යෝධයෝ දඩ බඩ ගා නිවේදන නිකුත් කරමින් එයට විරෝධය පළ කළහ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කට්ටිය රට ගිහින් නිසා පිකටිං පමණක් නොතිබිණි. සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි යනුවෙන් අප ලියූ ලිපිය හේතුවෙන් ඇතැමෙකුට ඩෝං ගිහින් තිබේ. එහෙත් එහි තිබෙන කරුණු ගැන කවුරුවත් මොකවත් කියන්නේ නැත. අප මෙම ප්‍රහාරය අනුමත කරනවාදැයි සමහරු අසති. නැත. අප කිසි සේත්ම මෙම ප්‍රහාරය අනුමත කරන්නේ නැත. මෙම ප්‍රහාරය පාලකයන්ගේ පැත්තෙන් වූ දෙයක් මෙන් ම වෙනත් ආකාරයකට වූ දෙයක් ද වන්නට පුළුවන. මේ මාධ්‍ය ආයතනය වනාහි රජ පවුලට කඩේ යමින් ලාභ ගරා ගැනීමේ චේතනාවෙන් ආරම්භ කර ආණ්ඩුවේ අනුග්‍රහයෙන් දැන්වීම් හා වෙනත් ආකාරවලින් පොම්ප වූ සොරකම් කරන ලද මහජන මුදලින් ගොඩනැඟුණු ආයතනයකි. ආණ්ඩුව මේ මාධ්‍ය ආයතනය වැට්ටවූ බව ඇතැමෙක් කියති. ජවිපෙ ආණ්ඩුවත් සමග දීග කන කාලයේ ලංකා පුවත්පතට ද ආණ්ඩුවේ දැන්වීම් ලැබිණි. දැන් ඒවා නැත. එමෙන් ම ලංකා පත්තරයට රාවයට මෙන් රාජ්...