හම්බන්තොට වරායට නැවක් ආවෝ! / A ship in Sri Lanka's Hambanthota harbour
ඔබ දැකුමෙන් අප පිං කළ බව දැනිණි. රට ම බැලිය යුතු දෙයකි. හම්බන්තොට වරායට නැවක් ආවා ය. වරායවලට නැව් මිස කෝච්චි එනවාදැයි අපෙන් නො අසන්න. බල්ලෙක් මිනිහකු සපා කෑ විට පුවතක් නො වන මුත්, මිනිහෙක් බල්ලකු කෑ විට එය පුවතක් බවට පත් වන බව ජනමාධ්‍යවේදයේදී කියැවේ. ඈත මුහුදේ තිබෙන නෞකා සඳහා සේවා සැපයීමට හම්බන්තොට වරායට බෝට්ටු දෙකක් ගෙනැවිත් දීමට bluga නම් මේ නැව වරායට ආවේ ය. ඇවිත් ගියේ ය. තව නැව් ආවොත් රජයේ මාධ්‍ය අපට ඒ බව කියනු ඇත. බලාපොරොත්තුවෙන් සිටින්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න