Posts

Showing posts with the label මාක්ස්වාදය

වමේ මාර නවෝදයට අපේ සුබපැතුම්!

Image
බැලූ බැල්මට වමේ මාර නවෝදයක් ඇති වී තිබේ.  වාමාංශිකයෝ යළි එක්සත් වෙමින් සිටිති. පසුගිය කාලයේ බිංදුවට බැස තිබුණු වාමාංශිකයන්ගේ සන්ධ්‍යා කාලීන ගැඹුරු දේශපාලන සාකච්ඡා යළි පණ ගැන්වෙමින් තිබේ. මේ වන විට විදේශ රටවල දේශපාලන රැකවරණ ලැබ සිටින රැඩිකල් ම වාමාංශික දෙවිවරු ද උඩ සිට මේවාට පිරිත් පැන් හෙළනවා ඇත.  බාහු සමග ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇති සිරිතුංග ද, සිරිතුංග සමග ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇති මහින්ද දේවගේ ද ආදී වශයෙන් ලොකු ලොකු සංවිධාන නම්වලින් පෙනී සිටින විවිධ තනි තනි වැනි පුද්ගලයෝ ඒකරාශීව පුවත්පත් සාකච්ඡා පවත්වමින්, මැයි දිනයට සූදානම් වෙමින් සිටිති.  මෙයට ප්‍රධාන හේතුව, ජවිපෙන් කැඩුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වන වාම නැඹුරුවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සෙබළු නැති සෙන්පතියන්ට සෙබළ මුළක් පිටුපසින් බලමුළු ගන්වා දීමට සමත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. එසේ ම, සිය ඊනියා ප්‍රතිපත්ති රැක ගනිමින් වාම පක්ෂ නායකයන් ලෙස රතු තොප්පි දමාගෙන මහජන නියෝජිත සභා නියෝජනය කිරීමට ඇතැමුන්ට ඇති නො තිත් ආශාව සපුරා ගන්නටත් මොකක් හෝ පොටක් පෑදේවා යි අපි පතමු.  විශේෂයෙන් ම ජවිපෙ හා පෙරටුගාමී සම...

ප්‍රජාතන්ත්‍රවාදය සටන් පාඨයක් නො ව ජීවන භාවිතාවකි

Image
(2011 පෙබරවාරි 12,  W3Lanka ) ලේඛකයා අරාජිකවාදියකු වන්නට පෙර, ඔහු වැඩ කළ එක් වාම දේශපාලන කණ්ඩායමක් ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් ව්‍යාපාරයක් බවට පත් විය යුතු බව ඔහු යෝජනා කළේ ය. එහිදී, ඔහු සහ තවත් පිරිසක් යෝජනා කළේ ඒ වන විට එම ව්‍යාපාරය වටා ගොනු වී සිටි පිරිස් තීරණ ගන්නා ව්‍යූහයන් සමග සම්බන්ධ වන නිශ්චිත ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවයි. ඒ පිළිබඳ සංවාදයේදී එම කණ්ඩායමේ නායකත්වය විසින් මතු කරන ලද ප්‍රශ්න කීපයක් මෙසේ ය. තීරණ ගැනීමේ ව්‍යූහවලට ඇතුළත් කර ගන්නට තරම් අප යෝජනා කළ ක්‍රියාකාරිකයන් විශ්වාසවන්ත ද? විශ්වාසවන්ත යයි යම් පිරිසක් නිශ්චය කර ගන්නේ කවුරුන් විසින් ද? එසේ තීරණය කරන පිරිස ද ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුණ පිරිසක් නොවෙයි නේ ද? කුමන අන්දමේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් වුව කිසියම් සුවිශේෂ පිරිසක් විසින් මෙහෙයවනු ලබනවා නේ ද? උවමනාවට වඩා විවෘත වුවහොත් අරමුණුවලට පටහැණිව ක්‍රියා කරන සංවිධානාත්මක පිරිසකට සංවිධානයේ බලය අල්ලා ගත හැකි වනවා නේ ද? අවසානයේදී නායකත්වය විසින් මතු කරන ලද තර්කය වූයේ සංවිධානය යනු කිසියම් දැනුවත් පිරිසක් විසින් මෙහෙයවනු ලබන්නක් බවයි.ඕනෑ නම් මෙය ප්‍ර...

කොටි සංවිධානය මාක්ස්වාදී ද? Is LTTE Marxist?

Image
(2010 ජුලි 05, අජිත් පැරකුම් ජයසිංහ,  W3Lanka )  @ editor ධනවාදී ක්‍රමය ගෝලීය මට්ටමින් ම අභියෝගයට ලක් කළ දෙමළ ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් ලංකාවේ රජයට හිමි ගෞරවය ලබා දීමට බටහිර ඇත්තට ම නො කැමැති ද? What do you mean by this? to my knowledge, LTTE readily accepted market economy. seems like you also started seeing the dream some leftist saw. Apoorwa අප විසින් පළ කරන ලද  සුදු කොඩි කතාව නැවත කරළියට; ලංකාව වගවීමේ අවුලක   නම් ලිපියට ලැබුණු ඉහත ප්‍රතිචාරය පිළිබඳ තරමක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්නට අදහස් කරමි. 2002දී සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එල්.ටී.ටීඊ. සංවිධානය විසින් කිලිනොච්චියේ පවත්වන ලද ප්‍රභාකරන් සහභාගි වූ පුවත්පත් සාකච්ඡාවකදී කොටි සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳව අසන ලද පැනයකට කොටි න්‍යායාචාර්ය නැසී ගිය ඇන්ටන් බාලසිංහම් විසින් දෙන ලද කෙටි  පිළිතුර වූයේ විවෘත ආර්ථිකය යන්නයි. කොටි සංවිධානයේ අරගලය සාධාරණීකරණය කරමින් සිටි වාම සංවිධාන මෙම ප්‍රකාශයෙන් අවුලට පත් වූ අතර, එය හුදු ක්ෂණික ප්‍රතිචාරයක් පමණක් ය යනුවෙන් පවසා ඇඟ බේර...