මහේලලා රාජපක්ෂ, අබේසුන්දර මහින්දලා හා ක්‍රිකට්
(2011 මාර්තු 03, W3Lanka ) දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර හැම ගහට ම කොට කොටා යන ගමන් කෙහෙල් ගහකටත් කොටා තිබේ. හොට පැටළෙන්නට ද ඉඩ තිබේ. මේ කෙසෙල් ගස වනාහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි. ලෝක කුසලාන පළමු වටයේ තරගයකදී පකිස්තානයට පැරදුණු ලංකාවට ඔච්චම් කරමින් ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනේදී මහින්ද අබේසුන්දර ව්‍යංගයෙන් නැඟූ බරපතල චෝදනාවක් වන්නේ මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර තරග පාවා දුන් බවයි. ‘ගේම් එක චේන්ජ් කරන්න යයි පුන පුනා කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කරාදැයි අපට නිකමට සිතේ’ යයි ඔහු කීවේ ය. මාධ්‍යකරුවා සාමාන්‍ය මිනිසකුට වඩා දුර දකින්නට සමත් අයකු විය යුතු ය. සන් ෆ්ලවර් බයිලාවක තිබෙන ආකාරයට සාමාන්‍ය ජනයා ක්‍රිකට්වලට ප්‍රතිචාර දක්වන්නේ මෙසේ ය: "දිනුවදාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා - එකක් දෙකක් අයියෝ පැරදුණාම ගොයියෝ මොනවද මේ කළේ අහනවා." හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කියන පරිදි මේ වනාහි ලංකා කණ්ඩායම දිරිමත් කළ යුතු මොහොතකි. ඔවුන්ගේ මානසිකත්වය අවුල් කරන්නට කටයුතු කිරීම සුදුසු නැති මොහොතකි. මහින්ද අබේසුන්දර වැනි එදා වේල වෙනුවෙන් කුලියට කහින ලිය...