මහේන්ද්‍රන්, අජිත් නිවාඩ් කබ්රාල් හා භාණ්ඩාගාර බැඳුම්කර ගැන අපේ අධ්‍යයනය
කබ්රාල් මහජන මුදලින් නැටූ නාඩගම් 2011 වසරේදී, 2018 පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා පැවැති වෙන්දෙසියේදී ඊට සහභාගි වූ එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්, 2011 අප්‍රේල් මස 5 වන දින ලන්ඩන් මැරියට් හෝටලයේදීඑක රාත්‍රී කෑම වේලක් වෙනුවෙන් පමණක් රුපියල් 674,842.69 ක් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහුට මහ බැංකුවෙන් නිකුත් කොට තිබුණු අංක 4862 9600 0000 0509 නිල ක්‍රෙඩිට් කාඩ්පතෙන් ගෙවා තිබේ. 2015 පෙබරවාරි 27දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රටට දැවැන්ත හානියක් සිදු වී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දිනෙක පැවසුවේ ය. අජිත් නිවාඩ් කබ්රාල් යනු පසුගිය ආණ්ඩුව සමයේ මහබැංකුව හරහා සිදු වූ දැවැන්ත මුල්‍ය අපහරණ රැසකට වගකිව යුත්තෙකි. ඔහු තමන් සමග විවාදයකට එන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහට අභියෝගයක් ද කළේ ය. භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන විවාදයක් සිදු වීම හොඳ දෙයකි. එහෙත්, එය සිදු විය යුත්තේ පාර්ලිමේන්තුව වැනි නිල තැනක මිස මාධ්‍ය පිළිකණුවල වැරදිකරුවන් සමග නො වේ. මේ භාණ්ඩාගාර බැඳ...